(UPDATE) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් අද (17දා) කොළඹදී පැවැත්වීය.
කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුව විනාඩි 40කට පමණ සීමා විය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගත යුතු ක්රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.
11.44 AM ගෝඨාභය - රනිල් හමුවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් අද (17දා) කොළඹදී සිදුකෙරේ.
එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ගේ පියාගේ අවමඟුලට සහභාගීවීමට රනිල් වික්රමසිංහ මහතා අද උදේ කොළඹින් බැහැර ගොස් සිටින අතර යළි කොළඹට පැමිණි වහාම මෙම හමුව සිදු වීමට නියමිතය.
මෙම හමුව සිදු වන්නේ රටේ වත්මන් කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා දුරකථනයෙන් ඊයේ කළ සංවාදයකට පසුවය.
අංජුල මහීක