අපි ගෝඨාභය මහත්තයාව මේ රටේ ජනාධිපති කෙරෙව්වේ වෙනස් රටක් අලුත් රටක් බලාපොරොත්තුවෙන්.හැබැයි අපි දන්නවා ජනාධිපතිතුමන්ට විතරක් මේක කරන්න පුලුවන්කමක් නෑ යැයි හිටපු අමාත්‍යය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, එප්පාවල, ඉහළවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක,
වෙනදා අපි කථා කරන්නේ අපිට ආණ්ඩුවක් හදලා දෙන්න කියලා, හැබැයි මේ පාර වෙනස්, අපි 2/3 ක බලයක් ඉල්ලනවා.අපි 2/3 ක බලයක් ඉල්ලන්නේ අපිට ශක්තිමත් ආණ්ඩුවක් හදලා මේ රට වෙනස් කරන්න, රට අලුත් කරන්න අපිට අවශ්‍යතාවක් තියෙන නිසා, ඒ අවශ්‍යතාව ඇති වෙන්නේ අද නෙවෙයි, අපි ගෝඨාභය මහත්තයාව මේ රටේ ජනාධිපති කෙරෙව්වේ වෙනස් රටක් අලුත් රටක් බලාපොරොත්තුවෙන්.හැබැයි අපි දන්නවා ජනාධිපතිතුමන්ට විතරක් මේක කරන්න පුලුවන්කමක් නෑ.ඒ නිසා තමයි අපි කියන්නේ අපි ජනාධිපතිවරයා හදලා ඉවරයි.දැන් තියෙන්නේ 2/3 ක බලයක් එක්ක පාරලිමේන්තුව හදලා ඉතුරු වැඩ ටික කරන්න එතුමාට හයිය දෙන වෙලාවක්.එහෙම නම් මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙන්න ඕනකම තියෙනවා.පහුගිය කාළයේ සමහර විට ඈත් වෙලා වෙන් වෙලා හිටපු අය, පැත්තකට වෙලා හිටපු කට්ටිය,කම්මැලිකමට හිටපු කට්ටිය නැවත වතාවක් හැමෝම එක පොදියට, එක රොත්තට අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්ක, අපේ රට ශක්තිමත් කරන්න ඕන, රට දිනවන්න ඕන කියලා හැමෝම අත්වැල් බැඳ ගෙන ඉන්නවා.
එහෙම නම් අගෝස්තු මාසේ 05 වැනිදා අපිට නියත වශයෙන්ම පුළුවන්කම ලැබෙනවා, මේ රට නැගිට්ටවන්න ඒ වෙනුවෙන් අපි අනුරාධපුරයෙන් අපේ යුතුකමක් තියෙනවා ඉෂ්ඨ කරන්න.ඒ යුතුකම තමයි එළැඹෙන අගෝස්තු මාසේ 05 වැනිදා අපි හැමෝම එකතු වෙලා අත්වැල් බැඳගෙන පොහොට්ටුවට කතිරය ගහලා නියත වශයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 07 දෙනෙක් පාර්ලිමේන්තු යවන්න ඔබතුමන්ලා සූදානම් වෙන්න, ඒ වෙනුවෙන් ඔබතුමන්ලා මහන්සි වෙන්න, ඒ වෙනුවෙන් ඔබතුමන්ලා ඇප-කැප වෙන්න ඕන.ඒ වෙනුවෙන් ඔබතුමන්ලා හැමෝම එකා වගේ අත්වැල් බැඳගෙන ඉතුරු දවස් ටිකෙත් මේ වැඩේට උදව් වෙන්න, මහන්සිවෙන්න ඕනකම තියෙනවා.දැන් අමතක කරන්න එපා මේ මැතිවරණයේ කතිරය ගහන්නේ පොහොට්ටුවට බව ඇත්ත, දිනන්නේ පොහොට්ටුව බව ඇත්ත, හැබැයි අපි හැබෑවටම දිනවන්නේ රටක්, නැගිට්ටවන්නේ රටක්, අපේ අනාගත දරුවන් වෙනුවෙන් ශක්තිමත් රටක් බිහි කරන්න තමයි අපි මේ සියලු පරිත්‍යාගයන් කරන්නේ.අද විශාල එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා.අනෙකුත් පාක්ෂිකයෝ අත්වැල් බැඳගෙන තියෙනවා.අපි මතක් කරන්න කැමතියි ඒ ගොල්ලන්ට තාමත් අත්වැල් බැඳගන්න බැරි වුණා නම් තාමත් පරක්කු නෑ, තාමත් අත්වැල් බැඳ ගන්න දවස් තියෙනවා.සති දෙකකට වඩා වැඩි කාළයක් තියෙනවා, කල්පනා කරන්න හිතන්න කාළයක් තියෙනවා.මේ මැතිවරණයේ පොහොට්ටුවට ගහන කතිරයට විතරයි රට වෙනුවෙන් යමක් කරා කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ.පොහොට්ටුව ඇරෙන්න එක පක්ෂයකට කතිරය ගැහුවා කියලා ආණ්ඩුවක් හැදෙන්නේ නෑ, සමහර පක්ෂ වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් හදාගන්න බෑ,තමන්ගේ වටිනා කතිරය රට වෙනුවෙන් මේ යහපත් වැඩේ වෙනුවෙන් අපි වෙනුවෙන් අත්වැල් බැඳ ගන්න කියලා අපි සියලු දෙනාට ආරාධනා කරනවා.
ඉස්සර අපි කැන්වසින් යන කොට යූ.එන්.පී ගෙයක් දැක්කම ඒ ගෙදරට ගොඩ වෙන්නෙවත් නෑ, ඕකුන්ට ගිහින් කියන එකත් පාඩුයි කියනවා.ඒ නිසා අපි හැමෝම එකාවගේ අත්වැල් බැඳගෙන ඒ වැඩේ මේ පාර නවත්වන්න ඕන, ඒ අයවත් අපි දැනුවත් කරන්න ඕන, මේ වෙලාවේ ඒ අයගේ වගකීම, යුතුකම මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න ඕන.අපේ අයගේ ගාවත් තියෙනවානේ අපි තමයි අයිතිකාරයෝ, තොපි පස්සේ ආපු අය කියලා, උඹලා තමයි අන්තිමට බස් එකට නැග්ගේ කියනවා.අපි ඒකත් නතර කර ගන්න ඕනකම තියෙනවා.අපිට අවශ්‍යය කරන්නේ රටක් දිනවන්න නම් ඉස්සරලාද පස්සේද වැඩක් නෑ, එන හැමෝම නිසා තමයි අපි ජයග්‍රහණය කරන්නේ.එන හැමෝගෙම හයියෙන් තමයි අපි මේ රට දිනවන්නේ.ඒ නිසා අපි කිසිම වාද භේදයක් නැතිව, පක්ෂ භේද ආගම් භේද කුළ-මල භේදයක් නැතිව මේ සියලු භේද පැත්තකින් තියලා අපි හැමෝම එකතු වෙලා ශක්තිමත්ව මේක ජයග්‍රහණය කරමු. යැයි පැවසීය.