Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩුදෙකක් ගොනුකිරීමත් සමග ඇමෙරිකානු නීති පද්ධතිය කෙසේ ක්‍රියාත්මක වේද යන ප්රශ්නය ගැන අවධානය යොමුව තිබේ.
මින් එක් නඩුවක් 'ද සන්ඩේ ලීඩර්' පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවියවිසින් ගොනුකර ඇති අතර, අනෙක් නඩුව කැනඩාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය විසින් ගොනුකර ඇත.
ඇමෙරිකානු පුරවැසිභාවය හිමි අයෙකු වූ රාජපක්ෂ මහතා එම පුරවැසිභාවය අහෝසි කර ගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත 2019 මාර්තු මස 06 වැනිදා ඇමෙරිකානු රජයට යොමු කර තිබේ. එහෙත් ඔහු ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් කළේද නැද්ද යන්න ගැන ගෝඨාභය රාපක්ෂ මහතාට මෙතෙක් දැනුම් දීමක් කර නැත.
ඇමෙරිකාව මීට පෙර ඇමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයන් විදේශයන් හිදි සිදු කළ හෝ සිදු කළේ යැයි කියන කරුණු සම්බන්බන්ධයෙන් තම පුරවැසියන්ට දඩුවම් දුන් අවස්ථා ඉතිහාසයෙන් සොයාගත නොහැකි තරම් විරල බව නීති විශාරදයන්ගේ මතයයි.
විදේශයන් හි ඇති ඇමෙරිකානු දේපොළ වලට හානි කළ හෝ ඇමෙරිකානු වැසියන් හානි කළ පුද්ගලයන්ට විරුද්ධව ඇමෙරිකාව ක්‍රියාමාර්ග ගෙන ඇතත් තම රටේ පුරවැසියන් විදේශයන් හි සිදු කරන හෝ සිදු කළා යැයි කියන ක්‍රියා සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි තීරණවලට එළැඹ නැත. මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී නැත්නම් ඔහුට ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස වැඩි ආරක්ෂාවක් ලැබෙනු ඇත.
එහෙත් යම් හෙයකින් මාර්තු 06 වැනිදා යොමු කළ අයදුම්පත්‍රයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අහෝසි කර ඇත්නම් ඔහුට මෙම නඩුවේ දී ඇමෙරිකානු පුරවැසියෙකුට ලැබෙන වරප්‍රසාද නොලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. මේ අනුව ඇමෙරිකාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කළේද නැද්ද යන්න මත රජපක්ෂ මහතාට එරෙහි නඩුවේ දී රාජපක්ෂ මහතාට ඇති වාසිය තීරණය වනු ඇත.
මෙම නඩු දෙකටම අදාළ නොතීසි හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත ලබාදීමට කැලිෆෝනියා අධිකරණය කටයුතු කර ඇති බවට වාර්තා වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේ එසේ නොතීසි භාරදීමක් සිදුව නොමැති බවයි.
ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ගෝඨාභය රාජපක්ෂ මහතා නිවාඩුවක් ගත කිරීමටමේ දිනවල ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවරට ගොස් ඇති අවස්ථාවක මෙම නඩු ගොනු කිරීමට කටයුතු කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස ඇමෙරිකාවට ගොස් ඇත්තේ සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අපේක්ෂාවෙන් බවද සඳහන් වෙයි. ඒ ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමේ අපේක්ෂාවෙනි. දිවිත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ මැතිවරණ සඳහා තරග කිරීමට අවස්ථාව නොමැත.
තම පියාගේ ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත්, ඒ සඳහා වන්දියක්ගෙවන ලෙසත් ඉල්ලමින් අහිම්සා වික්‍රමතුංග මෙනවියඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ අදාළ නඩුව ගොනුකර තිබේ.
මෙම නඩුවේදී තමන්ට යන නඩු ගාස්තු, නීතිඥ ගාස්තු ඇතුළු ගාස්තුද ඔහුගෙන් අයකර ගන්නා ලෙස නියම කරන ලෙසද සිය නඩුවෙන් ඇය ඉල්ලා ඇත.
මේ අතර, ජාත්‍යන්තර සත්‍ය හා යුක්තියි පිළිබඳ ව්‍යාපෘතිය සඳහන් කරන්නේ තම සංවිධානයද ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කළ බවයි.
දමිළක් රියාකාරිකයෙකු වෙන රෝයි සමධානම් පුද්ගලයෙකු කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කළ බව එම ව්‍යාපෘතිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වන නොතීසිය හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගිය ඉරිදා රාත්‍රියේ භාරදී ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකාවේ නිවාඩුවක් ගතකිරීමටකැලිෆෝනියා නුවරට පැමිණි බව තම පෞද්ගලික කුලී විමර්ශකයන් දැන ගැනීමෙන් පසු මෙම නඩුව ගොනු කළ බවද ඔවුහු සඳහන් කරති.
මෙම රෝයි සමධානම් නම් ශ්‍රී ලාංකිකයා දැනට කැනඩා ජාතිකයෙකු ලෙස කටයුතු කරන අතර, 2007 වසරේදී ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා තබාගෙන, 2010 වසරේ අගෝස්තු මාසයේදී නිදහස් කර තිබේ.
මේ පිළිබඳ සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා සඳහන් කළේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු පවරා ඇත්තේ එළඹෙන මැතිවරණ සඳහා ඔහු තරග කිරීම වැළැක්වීමට බවයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම ප්‍රමාද කිරීම වෙනුවෙන් රජය සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
ලසන්තවික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා සැකකරුවෙකු ලෙස හෝ නම් කර නොමැති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, මේ සම්බන්ධයෙන් වන චෝදනා ඔප්පු කිරීමට සිදුකරනු ලබන විමර්ශන කටයුතු වේගවත් නොකරන්නේ මන්දැයිද ප්‍රශ්න කරයි.
එසේම ඊයේ (08දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාද අදහස් දැක්වීය.ඔහු සඳහන් කළේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු ගොනු කළ පමණින් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නොමැති බවයි.
popular news
weliweriye dil Monday, 08 April 2019 11:49 AM
ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !! ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 786 940
Champa Monday, 08 April 2019 06:14 PM
ඒ ගොල්ලන්ට නෙමෙයි අනුන් මැරෙන්න කියන ඔඹට නම් ටිකට් එක ඇදෙයි වගේ. ගෙදර අයට කියල තියාපන් විශේෂ අමුත්තෝ දෙන්නෙක් මල ගෙදෙට්ට එයි කියල, හොඳද.
Reply : 120 50
athura Wednesday, 10 April 2019 10:15 AM
ඔන්න බත් බැලයොත් තර්ජනේ කරන්න පටන් අරගෙන.එන්න කලින් මෙහෙම නම් අවොත් මේ රටේ ඉන්න වෙන්නෙ වහල්ලුන්ට විතරද.
25 65
lion Monday, 08 April 2019 04:22 PM
ග්‍රීක් කතාවලට අනුව දෙවියන් මිනිසිකු විනාස කිරීමට පෙර ඔහු පිස්සකු බවට පත්කරන බව කියවේ. මේ ඔඋන් පත්ව ඇත්තේ අවන් අවස්ථාවකටද.
Reply : 1 3
Champa Monday, 08 April 2019 06:08 PM
එහෙම හිතෙන හිතෙන පුද්ගලයා වග කිවයුතුයි කියලා කියන්නේ කොහොමද? වන්දියක් ඉල්ලන්න චෝදනා ඔප්පු වෙන්න එපාය. ලසන්තව මරපු එක මුළු රටම හෙලා දැක්ක. හැබැයි ලසන්තට ඕනේ තරම් තරහ කාරයෝ හිටිය. ලසන්ත කියන්නේ ඉතාම පහත් විදිහට දේශපාලකයන්ගේ රජයේ සේවකයන්ගේ සහ වෙනත් ප්රභූන්ගේ පෞද්ගලික චරිත වල පොඩි තැනක් අල්ලාගෙන ඒකට ඉතාම නිර්ලජ්ජිත විදිහට කතාවක් හදල සමාජය ඉදිරියේ ඒ මිනිස්සු හෑල්ලු කරලා මුදල් හම්බ කරපු මිනිහෙක්. බොහෝ දෙනෙක් ඔහුට බයේ හිටිය. ඇමරිකාව වගේ රටක නම් ලසන්තගේ පත්තරේ තහනම් කරලා. ලසන්තව හිරෙත් දාල. දන්නා විදිහට නම් ප්‍රේමදාස, ප්රභාකරන්, ලසන්න්තගේ මරණ වලදි මිනිස්සු සාමාන්‍ය අනිත් පුද්ගලයෙක් මරුනහම දක්වන විදිහට වඩා වෙනස් විදිහට හිතුව. මේ කියන්නේ දැක්ක දේ. නමුත් ලසන්තගේ මිනීමරුවා කවුද කියන එක හොයන්න ඕනේ. ඒකේ විවාදයක් නැහැ. ඒ වගේම ලසන්ත සමාජයට හඳුන්වල දීපු චරිත ඝාතන සංස්කෘතිය කිරි හිරිකිතයක් නැතුව අද තරුණ පරම්පරාව කරනවා. ඒ හින්ද බටහිර රටවල වගේ Defamation/Slander Act සහ Privacy Act කියල මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය සහ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරන පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගේ
Reply : 121 116
Kumar Monday, 08 April 2019 09:47 PM
මේ නඩුවෙන් නම් ගෝටා පරද වෙනවා. ඒ විතරක් නොවේ ඔහුට අයත් දේපොළ වලින් අලාබ ගෙවන්න වෙනවා. ගෝටාගෙ විශ්‍රාම වැටුපට විතරක් ඇත තියන්නේනැ.
Reply : 11 75
Weliweriye dil Tuesday, 09 April 2019 10:32 AM
Champa උඹ ලොල්ලා කියලා හැමොම රාජපක්ෂලාගේ ලෝල්ලෝ නෙවේ බන් . අනික උඹලා රාජපක්ෂලාගේ අතින් මොනවාහරි උනොත් තමා ඉතින් උඹට තේරෙන්නේ.අනික අපේ මළ ගෙවල් වලට රාජපක්ෂලා එන්න අවශ්‍ය නැ .අවොත් නං ඉතින් Weliweriye කොසු පොල්ලේ බලය උන්ට බලාගන්න පුළුවන් . Weliweriye අපි බොන්න වතුර ටිකක් ඉල්ලලා මැරුන් කෑවා . අපි තමා දන්නේ උඹලාගේ ඔය රාජපක්ෂලාගේ සත්‍ය මුහුණ . උඹ මොන දේ කිව්වත් අසරණ මිනිස්සු මරපු රාජපක්ෂලාට ශාප වේවා !!! ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !! ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 77 138
Deepal Nirosh Thursday, 11 April 2019 02:06 PM
දැන් බලමු අමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගන්නෙ කොහොම ද කියල. ඉලක්කය හරි ගියොත් තම ධුර කාලය පිළබඳ ජනාධිපතිතුමාට අධිකරණ මතය විමසන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. බය නැතුව අත්සිටුවල තියන පළාත් සභා ඡන්ද ටික තියන්නත් පුළුවන්.
Reply : 0 0
Sinha Friday, 12 April 2019 10:14 AM
මුන් ඔක්කොම දෙමල ත්රස්තයන්ට අනියම් අන්දමින් උදව් කරපු කාලකන්නි. මුන් උකුල තියාගෙන කිරි පොවන්නද කියන්නේ.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd