හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ දිස්ත්‍රික් උසාවියේ පවරා තිබූ නඩුවක් විවෘත කර ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවිය ගොනු කර ඇති නඩුව මෙසේ විවෘත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
හිටපු ආරක්ෂක ලේකම්වරායාට එරෙහිව තවත් නඩුවක් දැනට කැනේඩියාවේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන රොයි සමදානම් නම් පුද්ගලයෙක් ගොනුකර තිබේ.
අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින් ගොනුකර ඇති නඩුවේ දක්වා ඇත්තේ තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා වගකිව යුතු බවත් ඒ සඳහා වන්දි මුදලක් ගෙවන ලෙසත් ඉල්ලමින් මෙම නඩුව ගොනු කර තිබේ.
ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර සිට ක්‍රියාත්මක වන යුක්තිය හා වගවීම පිළිබඳව මධ්‍යස්ථානය නැමැති සංවිධානයක නීතිඥයින් පිරිසක් අහිම්සා වික්‍රමතුංග මෙනවිය වෙනුවෙන් මෙම නඩුව ගොනුකර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගියදා ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් ගොස් සිටි අවස්ථාවක මෙම නඩු දෙකෙම ගොනු කර තිබුණි.
ද හින්දු ඇසුරෙනි