හෙට (05) පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ආරාධනා කිරීම විහිළුවක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රතුපස්වල දී ජලය ඉල්ලා විරෝධතාවයේ නිරත වූ අහිංසක ගම්වැසියන්ට වෙඩි තැබුවේත්, නිදහස් වෙළෙද කළාපයේ උද්ඝෝෂකයින්ට වෙඩි තැබුවෙත්, ධීවර උද්ඝෝෂණ වලට වෙඩි තැබුවේත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත බව අමාත්‍යවරයා පවසයි.
එවැනි අතීතයක් පවතින හිටපු ආරක්ෂක ලේකම්වරයා විරෝධතා ව්‍යාපාරයකට එක්වන ලෙසට ජනතාවට ආරාධනා කිරීම ලැඡ්ඡා සහගත බවත් ජනතාව සිටින්නේ නිදහස උදා කළ වත්මන් රජය සමග බවත් ඒ මහතා පවසයි.
කෑගල්ල මහ රෝහලේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.