ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද ඇපමුදල් තැන්පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
අද පොදුජන පෙරමුණේ රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රඹුක්වැල්ල මහතා,
“අපි දිගින් දිගටම කිව්වා පසුගිය අවුරුදු පහ ඇතුලත අපේ පක්ෂයේ මැති ඇමතිවරුන්ට හා ආධාරකරුවන්ට බරපතළ විදියට දේශපාලන පළිගැනීම් වලට ලක්වූ බව. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සිට පල්ලෙහාට සියලූම ආධාරකරුවන්ට මැතිඇමතිවරුන්ට සහ පාක්ෂිකයින්ට බොරු නඩු නිමිති පටලවලා ඔවුන්ගේ කීර්තිනාමයට හානි සිදු කළා. එක ඇමතිවරයෙක් කිව්වා බිලියන 18ක් ඩොලර් ඩුබායි බැංකුවක තියෙනවා ඇස් දෙකෙන්ම දැක්කා කියලා. විශාල මුදලක් වියදම් කරමින් නීතිඥ වැලිඅමුණ ඇතුළු කණ්ඩායමක් ඩුබායිවලට ගියා මේ පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට. අදවන තුරුත්මේ පරීක්ෂණ වල ප්‍රතිඵලයක්වත් නැහැ. ඒ කියන්නේ මේ සියලූ චෝදනා බොරු කියන එකයි.
ගෝඨාභය රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මම ඇතුළු ප්‍රධාන පෙළේ නියෝජිතයින් විශාල පිරිසක් බරපතළ දේශපාලන පලි ගැනීම්වලට ලක් වුණා. අල්ලස් හා ¥ෂණ කොමිසම දිගින් දිගටම අපිට විරුද්ධව නඩු නිමිති පටලවලා බොරු පරීක්ෂණ සිදු කළා. දේශපාලන උවමනාව මත පමණක්ම තීන්දු ගැනීම නිසා අපේ පාක්ෂිකයන් විශාල පිරිසක් බරපතළ අපහසුතාවයන්ට ලක්වුණා. මේ සියලූ චෝදනා බොරු බව කියන්න මම ඉදිරිපත් කරනවා අල්ලස් හා දුෂණ කොමිසමේ සභාපතිවෙලා හිටපු සභාපතිවරියෙක් වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මැතිනිය සිදුකළ දුරකථන සංවාදයක්. එහිදී ඇය ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩුදාපු එක පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා. ඇය පවසන්නේ කරුමක්කාර දේශපාලනඥයින්ගේඋවමනාව මත මෙය සිදු කළබවයි. මෙම කතාවේ හරය කුමක්ද කියලා අපිට තෝරාගත හැකියි. ජෙසාය ක්‍රියාත්මක වන්නේ අරලියගහ මන්දිරයේදී . අල්ලස් හෝ දුෂණ කොමිසමේ සභාපතිවරයා ම කියනවා මට මේක කරන්න සිදුවුණේ කරුමක්කාර දේශපාලනඥයින්ගේ උවමනාව නිසා කියලා. පසුගිය අවුරුදු පහ තුළ මේ රට ආර්ථික වශයෙන් කුඩු පට්ටම් කිරීමට අමතරව රටේ සාමාන්‍ය ජන ජීවිතය විනාශ කිරීමට මේආණ්ඩුව කටයුතු කළා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි