හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සිදුවූ හමුව විනාඩි 7කට සීමා වී තිබේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසන්නේ ඊයේ පස්වරු 4.10 සිට පස්වරු 4.17 දක්වා අරලිය ගහ මන්දිරයේදි මෙම හමුව සිදු වූ බවයි.
අතිශය පෞද්ගලික සාකච්චාවක් වූ මෙයට ඔවුන් දෙදෙනා පමණක් එක්වූ බවත් හිටපු අගමැතිවරයාගේ ඉල්ලීම අනුව මෙම හමුව සංවිධානය කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.
එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම මත හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම හමුවට එක්වී ආණ්ඩුවට බහුතරය ඇති බව දැනුම් දුන් බවද මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
කෙසේ වෙතත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව පැවැසූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.