ශ්රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධි සම්බන්ධයෙන් ප්රකාශ ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29දා) ශ්රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම ස`දහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
ශ්රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමේදී හෙළිවූ තොරතුරු සම්බන්ධයෙන් එම ආයතනවල අධ්යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථාවරය දැනගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මීට පෙර අවස්ථාවක කොමිසම ඒ මහතාට නොතිසි නිකුත් කරන ලදී.