මේ වනවිට මධ්‍යම බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ සක්‍රිය වී ඇති ගජ සුළි කුණාටුව 15දා වනවිට ශ්‍රී ලංකාවට නැගෙනහිරින් සහ ඊසාන දෙසින් ඇතුලු උවත් බරපතල හානියක් ගෙන නොදෙනු ඇතැයි කාලගුණ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අධ්යක්ෂ ජනරාල්වරයා ,
“ ගජ නමින් හදුන්වන මෙම සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට එතරම් හානි කර මට්ටමක් මේ වනවිට නොමැති බවත් එය ඉන්දියාවේ තමේල්නාඩු හා ආසන්න ප්‍රදේශ වලට දරුණු තත්වයක් ඇති වනු ඇතැයි ද ඔහු පවසයි. 15 දින වනවිට ශ්‍රී ලංකාවට ගජ නමින් හදුන්වා දි ඇති සුළි කුණාටුව ඇතුල් වන අතර එය යාපනය , ත්‍රිකුණාමලය , සහ කන්කසන්තුරේ ප්‍රදේශ වලට සුලු බලපෑමක් ගෙන දෙනු ඇත. වර්ෂා තත්වයද ඉහල යා හැකි බව පවසයි.
පුත්තලම හිරාන් ප්‍රියංකර