ගංවතුර අපදාවේදී උතුරු , දකුණු සහෝදරත්වය පිළිබිඹු වුණා - කථානායක
“ගංවතුරෙන් විපතටපත් උතුරේ මුලතිව්,කිළිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාව වෙත සහනාධාර රැගෙන පැමිණි ජනතාව ගෙන ආ භෞතික දේට වඩා එම ජනතාව දකුණෙන් උතුරට රැගෙන ආ සහෝදරත්වය සහ මනුෂ්‍යත්වයේ ආදරණීය හැඟිම තුල මිල කල නොහැකි තරම් වටිනාකමක් ගැබ්ව ඇති බව” කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
කථානායක කරු ජයසුරිය මහතා මේ බව සඳහන් කළේ ගංවතුර ආපදාවට පත් වූ මුලතිව් සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාවගේ සුවදුක් සොයා බැලීමට සහ සහන සේවා කටයුතු පිළිබඳව පරික්ෂා කර බැලීම සඳහා එම ප්‍රදේශ වෙත ඊයේ දින ගිය අවස්ථාවේදිය.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ
විශේෂයෙන්ම උතුරු පළාතේ නව වසර ආරම්භයත් සමගම ක්ෂණිකව ඇති වූ ගංවතුරෙන් ජනතාව බේරා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කල මෙහෙවර ජනතාව හා හමුදාව අතර නව මානුෂික බැදීමකට සහ අවබෝධයක පදනම සකසන ලද බවයි.
මෙහිදී වහාම මැදිහත් වී සහන සේවාවන් සක්‍රිය කිරීමට කටයුතු කල ජනාධිපතිවරයා, අගමැතිවරයා, අපදා කළමණාකරන ඇමතිවරයා ප්‍රධාන රාජ්‍ය යාන්ත්‍රනය උතුරේ ජනතාව මුහුණ දුන් ගංවතුර ආපදාවට ශක්තිමත්ව මුහුණ දීමට හැකියාව ලබා දුන් බවද පැවසීය.

popular news
-
susantha indika Saturday, 05 January 2019 09:03 AM
දකුණේ ගංවතුර අතිඋනම එහම කුණෙන් උතුරට රැගෙන ආ සහෝදරත්වය උතුරෙන් දකුණට එන්නේ නැත්තේ මොකද ?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
