කෝවිඩ් සෞඛ්‍ය නිර්දේශ මත පැවැත්වු ලෝකයේ එකම හා ප්‍රථම මැතිවරණය මෙයයි
කෝවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා ක්‍රමවත්ව පැවැත්වු ලෝකයේ එකම හා ප්‍රථම මහා මැතිවරණය ලෙස 2020 අගොස්තු 5 වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වු පාර්ලිමේන්තුව මහා මැතිවරණය ඉතිහාසයට එක්වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙවර පැවැත්වු මහ මැතිවරණය කෝවිඩ් සෞඛ්යක්රමවේදයන්ට අනුව යටිතල පහසුකම් වලින්ද ඊය අනුගත වන ලෙස ඡන්දය ප්‍රකාශ කිරිමේ ක්‍රමවේදයන් සුක්ෂ්ම ලෙස දියුණු කිරිමෙන්ද මැතිවරණ රාජකාරි කටයුතුවල නියලුණු සේවක මණ්ඩලය පුහුණු කිරිමෙන්ද ඔවුනට ආරක්ෂිත මෙවලම් සැපයිමෙන්ද ඡන්ද දායකයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්‍රමවේදයන් හදුන්වා දිමේන්ද මෙම මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පැවැත්විමට හැකි වු බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපති තුමා ඇතුළු මැතිවරණ කොමිසම ජනතාවට සෞඛ්යාරක්ෂිත මැතිවරණයක් පැවැත්විමට සහාය වු බවත් ඒ වෙනුවෙන් ඔවුනට සිය ස්තුතිය පුද කරන බවත් සෞඛ්‍ය අධ්යක්ෂකජනරාල් වරයා වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

