කෝපි කඩේ අප්පු සමුගනියි
ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ටෙලි නාට්‍යෙය් අප්පුගේ චරිතය රඟපෑ තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතා (66) අද (16) සවස මීරිගම මූලික රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
අබේපුස්ස බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි මිය ගිය ශ්‍රීලාල් මහතා දෙදරු පියෙකි .
වසර පහක පමණ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පෙළුණු ශ්‍රීලාල් මහතා ගතවූ මාස දෙකේ දී දැඩි ලෙස ගිලන්ව වතුපිටිවල මීරිගම හා රාගම රෝහල්වල ප්‍රතිකාර ලැබ ඇත.
දින පහක් තිස්සේ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබා ඇති ශ්‍රී ලාල් මහතා දෙදිනකට පෙර ඔහු පදිංචිව සිටි මීරිගම තවලම්පිටිය නිවසට පැමිණ ඇත. මෙසේ සිටින අතර අද පස්වරු වේ යළි රෝගාතුර වීමෙන් පසු සුව සැරිය ගිලන් රියකින් මිරිගම රෝහලට ඇතුලත් කරන අවස්තාවේ මරණයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා ඉදිරියේ මරණ පරීක්ෂණය පැවැත්විනි. පශ්චාත් මරණ පරීක්ෂණය හෙට වතුපිටිවල මුලික රෝහලේදී පවත්වා මරණයට හේතුව ලබා ගන්නා ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා මීරිගම පොලිසියට නියම කළේය
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට මීගමුව දී සිදු කිරීමට අදහස් කරන බව ශ්‍රී ලාල් මහතාගේ බිරිඳ ඩොමිනිකා වාසනා මිතානි විජේනායක මහත්මිය පැවසුවාය.
මිරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

