මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවෙකු වන කිඹුලා ඇළ ගුණාගේ සෙහොයුරියගේ දුව සහ ඇගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්රෑමි 100 සමග අද (01) කදාන ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව කදාන පොලිසිය පවසයි.
කඳාන කලඑලිය ප්‍රදේශයේ සුපිරි නිවසක සිටියේදි සැකකරුවන් දෙදාන අත්අඩංගුවට ගෙන ඇත .එම නිවස ලොකු මුදලකට ඔවුන් විසින් කුලියට ගත් එකක් බව අනාවරණය වී ඇත.
සැකකරුවන් සමග ඔවුන්ට අයත් ත්‍රිවිල් රථ 0 6,කේ.ඩි.එච් වෑන්රථයක් සහ සුඛෝපභෝගි මෝටර් රථයක්ද, එම අවස්තාවේ ඔවුන් සන්තකව තිබු රුපියල් 3 ලක්ෂ 30000 ද මුදලක්ද, ලක්ෂ ගණනක් වටිනා රන් ආභාරණ ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කැළණිය කොටිඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොශාන් ඩයස් මහතාගේ උපදෙස් මත කදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල ගමගේ මහතාගේ මෙයෙවිම යටතේ කදාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුමේශ් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් නිලධාරින් පිරිසක් විසින් සැකකරුවන් හා භාන්ඩ අත් අඩංගුවට ගෙන ඇත.
36 හා 38 වියති සැකකරුවන් යුවල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
