කොල්ලුපිටිය අපරාධ අංශ ස්ථානාධිපති හදිසියේ ජීවිතක්ෂයට
කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත මහතා අද දින හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
අද පෙරවරුවේ ගාලු මුවදොර පිටිය ආසන්නයේ ව්‍යායාම් කරමින් සිටියදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මහත ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
එසේ ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. දෙදරු පියෙකු වන ඔහු කාලයක් තිස්සේ හෘද රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳව අද දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
-
Demuni Uduwara Thursday, 26 November 2020 07:44 PM
May he attain Nibbana. Might be shocked due to Sarath Weerasekara's appointment to Police?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

