කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්රය නංවාලිම සම්බන්ධයෙන් ඒ ක්ෂේත්රයට ආධාර දෙන ආයතන සමග සාකච්ඡා කිරිමට තිරණය කර තිබේ.
ඒ සදහා එම ආයතන හා රජය අතර වටමේස සාකච්ඡාවක් සංවිධාන කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙම සාකච්ඡාව හෙට (29) සවස කොළඹ දී පැවැත්වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය, ලෝක බැංකුව, යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආධාර ලබාදෙන ආයතන රැසක නියෝජිතයන් සහභාගී වීමට නියමිතය. සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරියේ ඉහළපෙළේ නියෝජිතයෝ මෙම වට මේස සාකච්ඡාවට සහභාගී වෙති.
කොවිඩ් 19 වසංගතයෙන් පසු මෙරට සංචාරක ක්ෂේත්රය නංවාලීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ යෝජනා සංචාරක ආයෝජන වැඩි කිරීම සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටලු විසදීම වැනි කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය අග්නිදිග ආසියා හා පැසිෆික් කොමිසමේ හා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිසමේ 32 වැනි ඒකාබද්ධ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතය.
එය ලබන අගහරුවාදා (30) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ වසරේ පිලිපීනයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම සමුළුව පාස්කු ප්‍රහාරයෙන් පසු ව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු කෙරුණු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
