කොරෝනා රෝගි මනමාලයාගේ පියා පලායයි
කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයෙකු 25 රාත්‍රී පිලියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක ඔහුගේ පුතුගේ මංගල්‍යයට සහභාගි වී සිටින බවට ලද තොරතුරක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු පලා ගොස් තිබූ බව පිලියන්දල පොලිසිය කියයි
එම අවස්ථාවේදී එහි සිටිය යුද හමුදාවේ උසස් නිලධාරියකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කර කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ලැබී ඇතැයි පොලිසිය කියයි
කහතුඩුව ජයවර්ධන වත්ත ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීම සඳහා යාම හේතුවෙන් ඉකුත් 22 දින පි සි ආර් පරීක්ෂණයට භාජනය කර නිරෝදානය ටද ලක්කර තිබූ බව පොලිසිය කියයි .
25 රාත්‍රී කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ආසාදිතයන්ගේ නාමලේඛනය ලැබීමත් සමගම මාළු ව්‍යාපාරික ආසාදිතයා සොයා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කහතුඩුව ජයවර්ධන වත්ත ඔහුගේ නිවෙසට යාමේදී නිවස වසා තිබී ඇති අතර අසල්වාසීන් කීපදෙනකුගේ පිළිබඳ විමසීමේදී ඔහු පුතුගේ මංගල සාදයට සහභාගි වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි .
ඒ අනුව හල්පිට කැස්බෑව හා කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිළියන්දල පොලිසියේ නිලධාරීන් සමග එම හෝටලය සොයා ගොස් ඔහු පිළිබඳව විමසීමේදී ඔහු නොමැති බවට එහි සිටි පිරිස් පවසා ඇති අතර හමුදා නිලධාරියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝටලයට ඇතුළු වීමට ඉඩ නොදී රාජකාරියට බාධා කරමින් හැසිරී ඇත
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මංගල උත්සවයට සහභාගී වී සිටි පිරිස පිටතට යැවීමට අවශ්‍ය කටයුතු කර හෝටලයට මුද්‍රා තබා , හෝටලයේ සිටින සේවක සේවිකාවන් 31 දෙනකුට එම හෝටලය තුළම නිරෝධායන ට ලක් වන ලෙස දැනුම් දීමට පියවර ගෙන ඇත
යුද හමුදාවේ උසස් නිලධාරියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරන අයුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජංගම දුරකථනයකින් වීඩියෝ දර්ශන ලබාගෙන ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය
පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
popular news
-
Kumar Monday, 26 October 2020 09:19 PM
So Mr. Army Chief, what would you do about your top officer who got in the way of PHI, who there to prevent a super spreader event. I suppose authorities will have to quarantine every person at the wedding as well as shut the hotel down for decontamination.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

