කොරෝනා රාජකාරිවලට අපි සූදානම් - ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරි සංගමය
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත
සියලුම කොරෝනා රාජකාරීවලට සිය සංගමයේ නිලධාරීන් සූදානම් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය කේෂ්ත්‍ර නිලධාරී සංගමයේ සභාපති රුවන් හේවානායකගේ මහතා කරන්දෙණියේ අද (20 )පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
එහිදි තව දුරටත් අදහස් දැක්වූ රුවන් මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ ද කීවේය.
ඇත්තටම අපි මෙතෙක් කළක් රාජකාරි කලේ බරවා ,මැලේරියා,හා ඩෙංගු වැනි වාහක රෝගවල මර්ධන කටයුතු වෙනුවෙන්. කොරෝනා වසංගත රාජකාරි
අපිට පැවරුණේ ඉතාමත් අඩුවෙන්.නමුත් කොරෝනා වසංගත මේ අවදානම් තත්ත්වයෙන් අපේ රට අනතුරකට හෙලීමට අපි කැමති නැහැ. අපි මේ කරන්නේ කාගේවත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට බාධා කිරීමක් හෝ එය කඩා කප්පල් කිරීමක් නොවෙයි.
කොරෝනා රාජකාරීවලට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවරනු ලබන පී.සි.ආර්.පරීක්ෂණවලට සහායවීම , නිරෝධායන කටයුතුවලට සහායදීම විෂබීජ හරණ අධික්ෂණ කටයුතු සිදුකිරීම වැනි කාර්ය්යයන් සිදු කිරීමට අපි අපේ කැමැත්ත ඉදිරිපත් වෙනවා. මේ රාජකාරීවලට එක් වෙන්නේ කොන්දේසි විරහිතවයි. අපේ මාතෘ භූමය ගැන එක වරක් නොව දෙවරක් නොව ඊටත් එහාට හිතලයි . අපි හිතනවා රජය අපේ මේ ඉල්ලීමට කන් දෙයි කියලා.රට පුරාම නිලධාරින් පන්සීයක් විතර අපේ නිලධාරීන් ඉන්නවා.
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම පමා කළොත් හෝ එයින් ඇත්වුනොත් මේ රටේ කොරෝනා වසංගතය පැතිරීම වළක්වාලීම හෝ එය මර්ධනය කිරීම ,පාලනය කිරීම ඉතාම අමාරු වෙනවා. ඒ සියලුම තත්ත්වයන් සලකා බලලයි සිය සංගමය මේ තීරණයට පැමිණියේ යයි රුවන් මහතා අවසන් වශයෙන් කීවේය .

popular news
-
Don Monday, 20 July 2020 06:20 PM
Don't ever try to imitate other's job (Dogs must do what it has to do, not Ass's).
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
