කොග්ගල නිදහස් වෙළද කලාපයේ සේවිකාවකට කොරෝනා - 125කට PCR පරික්ෂණ
කොග්ගල නිදහස් වෙළද කලාපයේ බ්‍රැන්ඩේක්ස් ඇගලුම් කම්හලේ සේවය කරන ඇගලුම් සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය විමත් සමග එම ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 125 දෙනෙකුගේ පි. සි ආර්. පරික්ෂණ ඊයේ (29) රාත්‍රියේම සිදුකළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
පි. සි.ආර් පරික්ෂණ සිදුකිරිම ඊයේ රාත්‍රියේ සිට අද (30) අලුයම 1.00 දක්වා සිදුකළ බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝගවිද්යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
පි. සි ආර් පරික්ෂණ සිදුකළ අය අතර මෙකි ඇගලුම් සේවිකාව රත්ගම සිට ඇගලුම්කම්හල දක්වා ගමන්කළ බස් රථයේ රියදුරු ඇතුළු ඇගලුම් සේවිකාවන් 35 දෙනෙකු ද සිටින බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා සදහන් කළේය.
මෙකි සේවිකාව සේවය කළ ඇගලුම් අංශයේ ආශ්‍රිතයින් 27 දෙනෙකුගෙන් ලබාගත් ජෛව සාම්පල් පි සි.ආර් පරික්ෂණ සදහා ඊයේ (29) රාත්‍රියේම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකළ බව පවසන ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා ඉතිරි ආශ්‍රිතයින් 98 දෙනාගේ සාම්පල් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව රසායනාගාරය වෙත යොමුකළ බවද හෙතෙම පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්යවෙනුර කේ සිංගාරච්චි මහතා මෙසේද කිවේය.
මෙකි ඇගලුම් කම්හල් සේවිකාව තවත් සේවිකාවක් සමග ඇගපත වේදනාව නිසා ප්‍රතිකාර ගැනිම සදහා ගාල්ල මහමෝදර රොහලට පැමිණ තියෙනවා. එහිදි මෙම සේවිකාවන් දෙදෙනා අහඹු පි. සි.ආර්. පරික්ෂණයකට යොමුකර තියෙනවා. එම. පි. සි ආර් පරික්ෂණ වල ප්‍රතිපල ඊයේ (29) පස්වරු 6.30ට පමණ ලැබුනා.
ඒ අනුව එක් ඇගලුම් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වුනා. අනික් සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තිබුණේ නැහැ. ඇය නිරෝධායනය කිරිමට යොමුකළා. කොරෝනා වෛරසය ආසාදනය වු සේවිකාව වැඩිදුර ප්‍රතිකාර සදහා රොහල්ගත කිරිමට පියවර ගත්තා. ඇය රත්ගම රණපණාදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියක්. මෙකි සිද්ධියත් සමග ක්ෂණිකව අපි ක්‍රියාත්මක වෙලා මෙකි ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 125 දෙනෙකු පි. සි.ආර් පරික්ෂණයට ලක් කළා.
popular news
-
Don Friday, 30 October 2020 09:55 AM
why sending samples for PCR, when 10,000 samples were left with no testing ? President orders random PCR tests in the whole country, when collected samples are piled up. Is he or his followers are not aware of this grave situation?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

