කොකේන් මත්ද්‍රව්‍ය ගිල මෙරටට පැමිණි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 24 හැවිරිදි බ්‍රසීල ජාතික පුද්ගලයෙකි.
සැකකරු අද දහවල් දෝහා කාටාර් සිට ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරක් මත කළ විමර්ශනයකදී කොකේන් ගුලි 05ක් ගිල දමා පැමිණ සිටියදී පොලිස් භාරයට ගෙන තිබේ.
මීට පෙර 30 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකු අත්අඩංගුට ගත් අතර ඔහු මේ වන විට එක්කොටි පනස් ලක්ෂයකට අධික කොකේන් ගුලි 75ක් පමණ එළියට දමා ඇති බව විම්ර්ශන නිලධාරීන් පවසයි.
ලක්ෂ 130ක් ගිල පැමිණි බ්‍රසීල ජාතිකයෙක්
ටී.කේ. ජී කපිල
