රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ග්‍රෑම් 500 කට අධික බරකින් යුතු, කොකේන් ගුලි 58 ක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීල ජාතිකයෙකුගෙන් එම ගුලි විරේක කර ලබා ගැනීමට මීගමුව රෝහල් වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.
මෙම බ්‍රසීල ජාතිකයා , බ්‍රසීලයේ සිට දෝහා වෙත පැමිණ , පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඊයේ (30දා) උදෑසන 10.10 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොහු පිළිබඳව කළින් ලැබී තිබූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම බ්‍රසීල ජාතිකයා අද (1දා) සිට දින 07 රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටියි.
ටී.කේ.ජී. කපිල
