කෙසෙල්වත්ත පොලිස් වසමේදී පසුගිය 04 දා රාත්රියේදී තියුණු ආයුධවලින් පහරදී කෙසෙල්වතේ පවාස් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළව මේ වන විට පුද්ගලයන් 4ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියයි.
ඊයේ රාත්‍රිය වන වට මෙම අපරාධකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඝාතනය සඳහා යොදාගත් බව කියන තියුණු කඩු 4ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය හඳුනාගෙන ඇති බවත් සැකකරුවන් අවුරුදු 23ත් 31ත් අතර පසුවන කෙසෙල්වත්ත පදිංචිකරුවන් වෙයි. කෙසෙල්වත්ත පොලීසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.