කෘෂිකර්ම ක්ෂේත්රයට අදාල සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රතිපල කඩිනමින් ගොවියා අතට පත් කෙරෙන යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් දුන්නේය.
අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ ශ්‍රී ලංකා ජාතික කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රතිපත්ති ආයතනයේ නිරික්ෂණ චාරිකාවක යෙදුනු අමාත්‍යවරයා එහිදී පැවැති සාකචිඡාවකදී ලේකම්වරයාට මෙලෙස උපදෙස් දුන්නේය.
අපේ රටේ ආයතන බොහෝමයක් විවිධ මාතෘකා ඔස්සේ කෘෂිකර්ම ක්ෂෙත්රයට අදාල පර්යේෂණ කරනවා. නමුත් ඒ පර්යේෂණවල ප්‍රතිපල ගොවියාට යන්නෙත් නෑ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නෙත් නැ. සමහර අවස්ථාවවල එකම පර්යේෂණය ආයතන කීපයකින් කරනවා. ඒවාට විශාල මුදලක් වැය වෙනවා. නමුත් ප්‍රතිපල නෑ. එළවලු බීජ 80%විතර පිටරටින් ගෙන්වනවා.කැරට් බීට් ලීක්ස් බීජ අපේ රටේ නිපදවා ගන්න බැ කියල මතයක් තියෙනවා.මම දැනුවත්ව දැන් පෞද්ගලික ආයතනයක් මේ බීජ නිපදවන්න පටන් ගෙන තිබෙනවා.මිරිස් වගාව වියලි කලාපයේ සාර්ථකව වැවෙන බෝගයක් බව කීවත් මම දැන් නාවලපිටිය ප්‍රදේශයේ අක්කර සියයක සාර්ථක මිරිස් වගාවක් කරනවා. මේ නිසා කෘෂිකර්ම ක්ෂෙත්රයේ නැ බෑ කියන එක මුල් බැහැගෙන තිබෙන නිසා අලුතින් අත්හදා බලන්න උනන්දු වෙන්නෙ නැ.
මේ නිසා කෘෂිකර්ම ක්ෂෙත්රයේ කෙරෙන පර්යේෂණ කවුරු කුමන ආයතනයකින් කලත් ඒවා මෙහෙයවීම හා අධීක්ෂණය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති එක ආයතනයකින් සිද්ධ වෙන්න ඕනා. ඒ වාගේම ඒ පර්යේෂණවල ප්‍රතිපල ගමේ ගොවියා අතට යන්න ඕන. ඒ සදහා අලුත් යාන්ත්‍රණයක් සකස් කල යුතු බවද අමාත්‍යවරයා කීවේය. සියළුම පර්යේෂණ රජයේ ප්‍රතිපත්තිවලට හා කාලීන අවශ්‍යතාවලට අනුව සිදුවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධානරණය කළේය.