කුරුණෑගලින් තවත් ආසාදිතයන් 6ක් හමුවෙයි - හය මසක බිළිදෙකුත් ඒ අතර
කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටි රෝගීන් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව අද තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
මෙම පිරිස අතරට නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුද අයත් බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා පැවසීය.
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටි නිවාඩු පැමිණ සිටියදී කොරෝනා වෛරසය ආසාදනයවූ වාරියපොළ බණ්ඩාර කොස්වත්තේ පදිංචි නාවික හමුදා සාමාජිකයා සමග වැලිසර සිට යතුරුපැදියකින් පැමිණි බව කියන වාරියපොළ කනත්තේවැව ප්‍ර දේශයේ තවත් නාවික හමුදා සාමාජිකයකුද සිටින බව වාර්තා වී ඇතැයි වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
මීට අමතරව බණ්ඩාරකොස්වත්ත නාවික හමුදා සාමාජිකයාගේ බිරිඳ සහ සය මසක් වයැසැති බිළිඳු දරුවාද සිටිති.
මෙම ආසාදිතයන් හය දෙනාද සමග අද දිනය වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගෙන් සංඛ්‍යාව 11 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

