කොරෝනා ආසාධිත බවට සැකකරන රෝගියෙකු හමුවීම හේතුවෙන් ඊයේ (9දාා) පස්වරුවේ තාවකාලිකව වසා දමන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය අද පෙරවරුවේ සිට නැවත විවෘත කොට ප්‍රතිකාර සේවාවන් ඇරඹූ බව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
මෙම ප්‍රතිකාර ඒකකය සම්පුර්ණයෙන්ම විෂබීජ හරණයකට ලක්කර නැවත විවෘත කිරීම හේතුවෙන් ජනතාව ප්‍රතිකාර සඳහා පැමිණීමට බිය නොවන ලෙසද , අලුත්ම වෛද්‍ය කාර්ය මණ්ඩලයක් එහි සේවය සඳහා යොදවන ලද බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .
සැකසහිත රෝගියා හමුවූ අවස්ථාවෙිදි එහි සේවය කළ වෛද්‍යවරුන් හත් දෙනෙකු ඇතුළු 39 දෙනෙකුගෙන් සමන්විත සම්පුර්ණ කාර්ය මණ්ඩලයම මේවනවිට රෝහල ආසන්නයේ පිහිටි කුරුණෑගල හෙද විදුහලේ ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙන බවද ඔහු සඳහන් කළේය .
සැකසහිත රෝගියා සම්බන්ධයෙන් වන රුධිර පරීක්ෂණ වාර්තාව කොළඹින් මෙතෙක් ලැබී නැති බවද , කුරුණෑගල ශික්ෂණ රෝහලට එවැනි පරික්ෂාවන් සිදු කරන PCR යන්ත්‍රයක් ලබාදී තිබුණානම් මෙම රෝගියා සම්බන්ධයෙන් ඉක්මන් වාර්තාවක් ලබාගත හැකිවන බවද නියෝජ්‍ය අධ්යක්ෂවරයා පැවසීය .
ගීතාංජලී ප්‍රියදර්ශනී