කුරුණෑගල ප්‍රධාන බස්නැවතුමේ අසැබ් වීඩියෝවක් ප්‍රදර්ශනය වෙලා
කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් වසා දමා තිබෙන ප්‍රධාන බස් නැවතුම්පොළේ සවිකර තිබෙන රූපවාහිනී තිරයක අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා කුරුණෑගල පොලීසියට දැනුම් දී ඇත.
ඇඳිරි නීතිය හේතුවෙන් කුරුණෑගල ප්‍රධාන බස් නැවතුමේ ජනතාව නොගැවසෙන අවස්ථාවක එහි සවිකර තිබෙන රූපවාහිනී තිරයක ලිංගික ජවනිකා සහිත අසභ්‍ය වීඩියෝවක් ප්‍රදර්ශනය කරන ආකාරය කිසිවෙකු විසින් වීඩියෝ ගතකර එය සමාජ මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කර ඇත.
මෙම වීඩියෝ දර්ශනය දැක ඇති බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි කළ බවද මීට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ප්‍රධාන බස් නැවතුම්පොළේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් කුරුණෑගල මූලස්ථාන පොලීසියට දැනුම් දුන් බවද නගරාධිපතිවරයා පැවසීය.
popular news
-
කපිල Sunday, 08 November 2020 01:30 PM
ලොක්කන්ගේ වැඩ වගේමයි සොක්කන්ගේ වැඩත්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

