ජනාධිපති කොමිෂමකට කැඳවීම මගින් වංචනිකයන්ට එරෙහිව කරන සටන අඩපණ කිරීමට උත්සාහ කරයි නම් එය දවල් හීනයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
දේශපාලන පළිගැනිම් විමර්ශනය කිරීම සඳහා පත්කර ඇත ජනපති කොමිෂම හමුවේ කැඳවීම එනුව එහි ගිය අනුර කුමාර දිසානායක මහතා පසුව මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කළේය.
“පසුගිය වංචනික පාලකයන්ට එරෙහිව දැඩිව සටන් වැදුණේ අපි. දැන් වංචනිකයන් උත්සාහ කරමින් ඉන්නවා හොරුන් හා තක්කඩින් උත්සාහ කරමින් ඉන්නවා එය අඩපණ කිරීමට, මොට කිරීමට.
ඔවුන් කල්පනා කරනවානම් ජනාධිපති කොමිෂමකට අපව කැඳවා මේ වංචනිකයන් දඩුවම් දීම සඳහා කරන සටන අඩපණ කරන්න පුළුවන් කියලා හිරගෙවල් හතක දැම්මත් වංචනිකයන්ට එරෙහි කරන සටන නවත්වන බෑ.
රාජපක්ෂ පාලනය තේරුම්ගතව තිබෙනවා කුඩා කුඩා කෙනිත්තිලිවලින් කුඩා කුඩා ඇගිලි ගැසීම්වලින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය නතර කරන්න පුළුවන් කියලා ඒ රාජපක්ෂලා දකින දවල් හීනයක් පමණයි.”