තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කාන්තා පාර්ශයට අපහාස වන ආකාරයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කළ අශෝබන කතාව පිළිබඳ තමාගේ කණගාටුව පළ කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
එමෙන්ම මෙලෙස අයෝග්‍ය, අශෝබන වචන භාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම පිටස්තර පාර්ශවයන්ට අපහස කරමින් කතා කරන ලද කතා වලින් වැලකී සිටින ලෙස තිස්ස කුට්ටිආරච්චි මන්ක්රීවරයාට දැඩි ලෙස අවවාද කරන බව අද (23දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.
ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් සභා ගර්බයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සිදු කරන්නේ නම් ස්ථාවර නියෝග වලට අනුකූලව සභාවේ විනය පවත්වා ගැනීමට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවන බවට අවධාරණය කරන බවද කතානායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන - 2021 නොවැම්බර් 20 වැනි දින අයවැය දෙවනවර කියවීමේ විවාදයට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සහ පාර්ලිමේන්තුවෙන් පිටස්තර කාන්තාවකගේ නම සඳහන් කරමින් මෙම උත්තරීතර සභාවට අගෞරවයක් වන අයුරින්, විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට අපහස කරමින් සිදු කරන ලද කතාව සම්බන්දයෙන්ද නොවැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් මා හමුවීමෙන් අනතුරුව රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් ඒ සිද්ධිය පිළිබඳ සභා ගර්බයේදී මතු කරන ලද වරප්‍රසාද ප්රශ්නය ගැඹුරින් අධ්‍යනය කර ඒ සම්බන්දයෙන් මෙම ගරු සභාවේ විශේෂ අවධානය යොමි කිරීමට කැමැත්තෙමි.
තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමා විසින් විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට අපහස කරමින් මෙම උත්තරීතර සභා ගර්බයේදී කරන ලද එම අශෝබන කතාව පිළිබඳව මාගේ කණගාටුව ප්‍රකාශ කරන අතර මෙවැනි අයෝග්‍ය අශෝබන වචන භාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම පිටස්තර පාර්ශවයන්ට අපහස කරමින් කතා කරන ලද කතා වලින් වැලකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට දැඩි ලෙස අවවාද කරමි.
තවද මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී වලක්වා ගැනීම පිණිස දෙපාර්ශවයේම ප්‍රධාන සංවිධායක වරුන් විසින් තම පාර්ශවයේ මන්ත්‍රීවරයන් දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. දිගින් දිගටම මෙවැනි තත්ත්වයන් සභා ගර්බයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සිදු කරන්නේ නම් ස්ථාවර නියෝග වලට අනුකූලව සභාවේ විනය පවත්වා ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවන බව මෙයින් අවධාරණය කරමි.
රෝහිණී විජේරත්න මන්ත්‍රීවරියගේ වරප්‍රසාද කඩවීම හේතුවෙන් මීට වැඩිය දෙයක් කරන්න - සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල - අපි කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය ලෙස ඊයේ අපි මුනගැහුනා වගේම රෝහිණි කවිරත්න මන්ත්‍රීවරියගේ වරප්‍රසාද ප්රශ්නය සම්බන්දයෙන් ඔබතුමා නිවේදනයක් නිකුත් කළා. නමුත් මේ තත්ත්වය දිගින් දිගටම තිබෙන නිසා ඔබතුමාගෙන් ඉල්ලීමක් කළේ එතුමිට වුනු ඒ හානියට අඩුම තරමේ ප්‍රකාශයක් අදාල මන්ත්‍රීවරයා හරහා ලබා දෙන්න කියලා. එදා මූලාසනයේ හිටපු මන්ත්‍රීවරයා කියලා තිබුනේ එතුමාට ඇහුනේ නෑ කියලා.
ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය දිගට පාලනය කරන්න. මේ අදාල මන්ත්‍රීවරයාගේ හැසිරීම අපි සියලු දෙනා දන්නවා. කාන්තා මන්ත්රීවරයාක් ලෙස තනිවම එතුමිය පුදුස කැපවීමෙන් ගෞරවාන්විතව ජීවත්වන වෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා එතුමියගේ වරප්‍රසාද කඩවීම හේතුවෙන් දෙයක් කරලා දෙන්න කියලා.
පාක්ෂ විපක්ෂ සංවිධායකවරුන්ට මෙහි වගකීම පැවරුවාට ඒක කරන්න බෑ - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල
පාර්ලිමේන්තුවේ කතා කරන වගකීම විපක්ෂයෙය් ආණ්ඩු පක්ෂයෙයි සංවිධායකවරුන්ට පවරලා තිබෙනවා. ඒක කරන්න අපිට බෑ. ඒක කරන්න ඔ්නී මූලාසනයෙන්. මූලාසනයෙන් තමයි කියන්න ඔ්නී මේ වචන හරි මේ වචන වැරදියි කියලා. නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා නැගිටලා කිව්වා ඒ වචන වැරදියි ඉවත් කරන්න කියලා. මූලාසනයේ හිටපු මන්ත්‍රීවරයා කිව්වා කියපු නරක වචන ඇහුනේ නෑ කියලා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන - ඒකෙන් අදහස් වෙන්නේ නෑ තමන්ගේ කණ්ඩායමේ මන්ත්‍රීවරු පාලනය කිරීම පාර්ලිමේන්තුවටම භාර දෙනවා කියලා. තමන්ගේ කණ්ඩායමේ හැසිරීම සංවිධායකතුමා වශයෙන් ඔබතුමාට යම්කිසි වගකීමක් තිබෙනවා.
මම යහපත් සිතින් කියපු දෙයක්. මම වල් නෑ. අහපු මිනිස්සු වල් වුනාට මට කරන්න දෙයක් නෑ.- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි
මගේ නම ඊයේ දවසේත් සඳහන් කරමින් මම මේ පාර්ලිමේන්තුවේ කරපු අය වැය විවාදයේ කතාව සම්බන්දව කාරණා කිහිපයක් මුල් කරගෙන විපක්සයේ මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරිය කතා කළා. මම එක දෙයයි අහන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරියගෙන් සහ විපක්ෂයේ සංවිධායක තුමාගෙන් වගේම මම කථානායක තුමාටත් මතක් කරන්නේ මම කියපු අසභ්‍ය වචනය මට කියන්න.
මගේ අතින් කාන්තාවන්ට ඇත්ත වශයෙන්ම අපහාසයක් වෙන විදියට වචනයක් පිට වුනා නම් තමයි මම සමාව ඉල්ලන්න ඕන. මම යහපත් සිතින් කියපු දෙයක්. මම වල් නෑ. අහපු මිනිස්සු වල් වුනාට මට කරන්න දෙයක් නෑ. මම කිව්වේ යහපත් සිතින්. කාන්තාවන් මම අපහසුතාවයට පත් කළේ නෑ. කාන්තාවන් අපහසුතාවයට පත් කර ගන්නේ කාන්තාවන් විසින්. මම බටු ගැන කිව්වම කොහොමද කාන්තාවන්ට අපහස වෙන්නේ. මම කියපු පරුෂ වචනය කටින් කියන්න. මම එදාට පිළිගන්නම්.
පක්ෂ හෝ විපක්ෂව මන්ත්‍රීවරියන්ට අසභ්‍ය ලෙස ප්‍රකාශ කිරීම අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා - රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
කාන්තා සංසදයේ සභාපතිතුමිය ලෙස මට වගකීමක් තිබෙනවා ඔබතුමාගෙන් ඉල්ලන්න. මේ සභා ගර්බයේ ඉන්නවා මන්ත්‍රීවරු 225ක්. මේ 225ට අදාල වන කරුණු කාරනා මිසක් මීට පරිභාහිරව ඉන්න කාන්තාවන් සහ පුරුෂයන්ගේ නම් මේ සභාවට ගේන්න එපා කියලා. සභාවේ උත්තරීතර බව රැකෙන්නේ 225 දෙනාගේ හැසිරීම අනුව. මේ සභාවේ පක්ෂ වේවා විපක්ෂ වේවා ඔ්නෑම මන්ත්‍රීවරියන්ට අසභ්‍ය ලෙස වක්‍රාකාරව හරි ප්‍රකාශ කරනවා නම් අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. ඒකට විරුද්ධව කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
වරද ඔප්පු වුන නිසා දැන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා ගෙදර යන්න - සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර
මේ වචන තුන අපි ආයේ කියන්නේ නෑ. කැතයි ලැජ්ජයි. ඒ වචන තුනේ යට අර්ථයක් ඇතිව කතා කරන්න පුලුවන්. දැන් කථානායකතුමත් පිළිගත්තා ඔබතුමා වරදක් කළා කියලා. එදා මෙයා අභියෝග කළා ඔප්පු කලොත් මන්ත්‍රීකමෙන් ඉවත් වෙනවා කියලා. දැන් කරුණාකරලා මේ සභාවට නිගරු කරන්නේ නැතිව මේ සභාවෙන් යන්න ගෙදර. අයින් වෙලා යන්න.
කථානායකට මීට වැඩිය දැඩි තීන්දුවක් ගන්න හැකියාව තිබෙනවා -සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න
මම හිතනවා නැවත වතාවක් මගේ වරප්‍රසාද අහිමි වීමක් සිදු වුනා. කාන්තා සංසදයේ සභාපතිවරියත් පිළිගන්නවා මෙය වක්‍රෝතියෙන් කාන්තාවන්ට කළ අපහාසයක් විදියට. කතානායක තුමත් පිළි ගන්නවා කාන්තා අපහාසයක් වෙනවා කියලා. ස්ථාවර නියෝග යටතේ මීට වැඩිය දැඩි තීන්දුවක් ගන්න හැකියාව තිබෙනවා.
මගේ වගකීම උපරිම අයුරින් ඉටු කළා - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ
මම මූලාසනයේ වාඩි වුනු සෑම දවසකම මගේ වගකීම උපරිම අයුරින් ඉටු කළා. මම කවදාවත් කිසි කෙනෙකුට අයුක්තියක් අසාදාරණයක් වන විදියට මම පෙනී ඉදලා නෑ. මට ඇහුනේ නෑ කියලා කියන්න මට අයිතියක් තිබෙන්න ඔ්නී.
