කිසිදා පාසල් නොගිය දරුවන් සිටීනම් හොඳම පියවර ගන්න
කිසිදා පාසල් නොගිය දරුවන් ගැන දැනගත් වහාම හොඳම පියවර ගැනීමට නිලධාරීන්ට බාධාවන් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම්, පෙළපොත් හා සුරක්ෂා රක්ෂණය පිරිනමමින් නිදහස් අධ්‍යාපනය අර්ථවත් කොට තිබෙන වකවානුවක පාසල් යායුතු වයසේ දරුවන් නිවෙස් හි සිටිතියි පළවන ජන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමු කර ඇති බවයි.
ලංකාවේ සෑම දරුවෙකුට ම පාසල් අධ්‍යාපනය අනිවාර්ය කොට තිබෙන්නක් බව ගම් මට්ටමේ කටයුතු කරන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයෝ පවා දැන සිටිය යුතු සරළ කරුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
දරිද්‍රතාවය හෝ වෙනත් හේතු නිසා හෝ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබාදීමට නොහැකි තත්ත්වයේ පසුවන මවුපියන් වෙතොත් ඔවුන් හඳුනා ගෙන අවශ්‍ය සුදුසු පියවර ගැනීම ගම්බද සේවය කරන නිලධාරීන්ගේ රාජකාරියේ කොටසක් විය යුතු නොවේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.
පාසල් නොයන දරුවන් කවුරුන්දැයි සැක හැර හඳුනා ගන්නේ නම් ඒ බැව් කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරයා දැනුවත් කිරීම මගින් ඔවුනට සුදුසු පාසලක් ලබාදීම සඳහා කටයුතු කිරීමේ හැකියාවක් තිබෙන බවත් පෙන්වා දුන්නේය.
පාසල් යායුතු වියේ පසු වුවත් කිසිදා පාසල් නොගිය දරුවන් සිටින බව ජන මාධ්‍යයෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ වාර්තා වූ වහාම ඔවුන් පාසලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය හොඳම පියවර ගැනීමට නිලධාරීන්ට කිසිම බාධාවක් නැති බවත්, ඒ සඳහා ඔවුනට පූර්ණ අයිතියක් ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
-
ලසන්ත Saturday, 22 June 2019 07:22 AM
ළඟම පාසැල හොඳම පාසැල කියන ඔබතුමා පාරම්පරිකව පාසැල අසල සිටින අයගේ දරුවන්ට පාසැලට ඇතුලත්වීමට නොහැකි ලෙසටත් (පාරම්පාරිකව සිටින අයට සමහර විට ඔප්පු නොමැති වෙන්න පුලුවන්.නමුත් ඡන්දහිමි නාමලේඛන අවුරුදු ගණනාවක තියෙන්න පුළුවන්) අමාත්‍යාංශ චක්‍රලේඛ අනුව බදු ඔප්පුවකින් පදිංචිය පෙන්වා පාසැලට ඇතුලත්ව දුර බැහැර සිට පාසැල්වලට පැමිනීමට හැකිවන ලෙසටත් පවතින නීතිරීති වෙනස් කරන්න.එවිට පාසැල් නොගිය දරුවන් නොසිටීවි සියල්ලම නීතියෙන් කරන්න බැහැ ප්‍රායෝගික වෙන්න ඕන
Reply : 0 0
shan Saturday, 22 June 2019 01:52 PM
ඔබතුමාගේ කතාව මොනතරම් සාදාරන උනත් අද සිදුවන්නේ වෙනත්ම ක්‍රියාවකි දරිද්‍ර තාව කෙසේ වෙතත් ලගම පාසලට තමන්ගේ දරුවා ඇතුලත් කර ගැනීම පවා අද අසීරු යුද්ධයක් බවට පත්ව ඇති බව රට දනී මේ කාර්ය නිදානය ගන්නා සේ පියවරෙන් පියවර පුජා වට්ටි දොලපිදේනි දෙමින් නිදානය වෙත යන්න සේ පාසලේ සිට ඉහල පළාත් අද්යාපන කාර්යාලය දක්වා දහසින් බැදී පියලි පොදිබදීමට සිදුවී ඇති අතර ඒ සදහා හැකියව ඇත්තට පමණක් සීමා වූ කාර්යකි ඔබ තුමා කළ යුත්තේ මාධ්‍ය සාකච්චා පැවැත්වීම නොව ග්‍රාමසේවක හරහා ගමේ මට්ටමින් වාර්ෂික අධ්‍යාපනයට නිසි වයසට එලබුනාවූ දරුවන් සන්ක්යලේකනයක් සදා එම දරුවන් අදාල ප්‍රදේශ වල ඇති පාසල්වලට ඇතුලත් කර ඇත්තද නැත්නම් මේ දරුවන් වෙනත් පළාත්වල පාසැල වලට අධ්‍යාපනය සදහා යොමුවී ඇත්ද සොයා බල එසේ යොමුකර නැති දරුවන් ගැන ග්‍රාමසේවක හරහාම දැනුවත් කරගන ඒ දරුවන් හට පාසල් ලබා දීමයි ඔබතුම පුවත්පත් බලනේද නැද්ද මම නොදනී ගිය සතියේ දමිල මවක් දරු දෙදෙනා සමග දුම්රියට පැන ජීවිතය නැති කර ගත්තේ ශ්‍රිලංකාවේ පාසලකට දරු දෙදෙනා ඇතුලත් කරගැනීමට දරු සියලු උත්සාහයන් සොයා ගොස් අවසානයේ කිසිවක් කරගැනීමට නොහැකිව දිවිනසා ගත් නිසාවෙනි
Reply : 0 0
සිරිබිරිස් Sunday, 23 June 2019 07:08 AM
දැන් වැඩක් නොකලත් සෑම අමාත්‍යාංශයකම නිළධාරියෙක් විවිධ තනතුරු නාමයන් යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉන්නවා ඔබගේ අමාත්‍යාංශය යටතේ කෛනෙකුත් පාසැල් නොයන දරුවන් ගැන සෙවීමට පත්කලොත් නරකද.ළමා හිමිකම්.පූර්ව ළමාවිය සංවර්ධන ළමා කටයුතු වලට විවිධ විවිධ නිළධාරීන් රාශියක්ම සිටියත් (ඇමති මංඩලය පත්කර ඇත්තේ විද්‍යාත්මකව නිසා) ඔවැනි කටයුතු ඔවුන්ට අදාල නැහැනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

