කිලිනොච්චියේ පවුල් 300කට ආසන්න පිරිසක් පානීය ජලය නොමැතිව දුෂ්කරතාවක
කිලිනොච්චිය දිස්ත්රීක්කයේ ප්රදේශ කිහිපයකට වර්ෂාව නොමැති වීමෙන් පවතින වියලි කාලගුණය හේතුවෙන් පවුල් 300 කට ආසන්න පිරිසක් පානීය ජලය නොමැති වීමෙන් දැඩි සේ පීඩා විඳින බවට එම වැසියන් පවසති.
කිලිනොච්චිය පූනකරී, කණ්ඩාවලෙයි, කරච්චි සහ පච්චිලෙයිපල්ලි යන ප්රදේශයන්ට මෙම වියලි කාලගුණික තත්ත්වය බලපා ඇති අතරම එහිදී කරච්චි ප්රාදේශීය ලේකම් කාර්යාලය යටත් ඇති විනායාගපුරම් ප්රදේශයේ ජනතාවට පානීය ජලය නොමැති වීමෙන් දැඩි සේ අසරණව සිටින බවට එම වැසියන් පවසා සිටිති.
වාර්ෂිකව ලැබිය යුතු මෝසම් වර්ෂාව නොලැබීමෙන් ප්රදේශයේ පිහිටි අඩි 35 කට අධික ගැඹුරින් යුතු පානීය ජල ළිං විශාල ප්රමාණයක් ප්රදේශයේ සම්පූර්ණයෙන්ම සිඳී යාමෙන් එම ජනතාව පානීය ජලය නොමැති වීමෙන් මෙලෙස පීඩාවන්ට පත්ව සිටිති.
මේ හේතුව නිසාවෙන් පානීය ජලය සොයා ගැනීමට එම ජනතාවට පානීය ජලය සෙවීමට විශාල දුරක් යාමට සිදුව ඇති හෙයින් ප්රදේශයේ පවතින පානීය ජල ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසට විනයාගපුරම් ප්රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

