කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ කුමාරසාමිපුරම් ප්රදේශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළදමන ලද ආයුධ රැසක් ගොඩ ගෙන අද (29) දිනයේදී නිශ්ක්රීය කිරීමට පියවර ගන්නා බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
ධර්මපුරම් කුමාරස්වාමිපුරම් ප්රාථමික පාසලට යාබදව පිහිටි ඉඩමේ ආයුධ තෙගයක් වළදමා ඇති බවට ධර්මපුරම් පොලිස් ස්ථානයට ලැබුණ තොරතුරකට අනුව ඒ පිළිබඳව කිලිනොච්චිය මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දී ලබාගත් අධිකරණ නියෝගයක් මත ධර්මපුරම් පොලීසිය සහ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේ සහයෙන් ඉඩමේ කැනීම් ආරම්භ කරන ලදි.
මෙලෙස ගොඩගත් ආයුධ යුද සමයේදී කොටි ත්රස්ත සංවිධානය විසින් පාසල පලිහක් වශයෙන් යොදාගෙන මෙම ස්ථානයේ සිට ආරක්ෂක අංශ වෙතට ප්රහාර එල්ල කරන්නට ඇති බවට පසුව එම සංවිධානය විසින් මෙම ස්ථානයේ පසු ප්රයෝජන සඳහා ආයුධ වලදමා පලා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පල කර සිටියි.
ගොඩගත් ආයුධ සියල්ලක්ම දැඩි ලෙසින් අබලන් තත්වයක් ඇති හෙයින් කිලිනොච්චිය මහෙස්ත්රාත් අධිකරණයේ නියෝගයකට අනුව ආයුධ සියල්ලක්ම නිශ්ක්රීය කිරීමට පියවර ගන්නා බවද කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.

