කෑගල්ල දිස්ත්රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්රික්කයේ ජනතාවට කියා සිටී.
ඊයේ (18දා) පස්වරුවේ කෑගල්ල දිස්ත්රික්කයේ පැවති ජන හමු කිහිපයකට එක් වූ ජනාධිපතිවරයා ජනතාව ඉදිරිපත් කළ ගැටලු විමර්ශනය කොට මේ බව පැවසීය.
සුළු අපනයන බෝග ආනයනය දැන් නතර කර ඇති බැවින් මෙරට බෝග සඳහා ඉදිරියේ දී ඉහළ මිලක් ලැබෙනු ඇති බව ගොවීන් ඉදිරිපත් කළ ගැටළුවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීය.