කාවන්තිස්සට වෙඩි තැබුවේයැයි කියන සැකකරුවන් මහාධිකරණයෙන් ඇප ඉල්ලයි
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබු බව කියන සිද්ධියට අදාලව මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් මහව මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය නීතියට පටහැනි බව පවසමින් එම නියෝගය බල රහිත කරන ලෙස සහ තමන් ඕනෑම ඇප කොන්දිසියක් මත මුදාහරින ලෙස ඉල්ලා සැකකාර නිපුණතා සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරු වෙන් වශයෙන් වශයෙන් කුරුණෑගල මහාධිකරණයට ප්රතිශෝධන අයදුම්පත් යොමුකර තිබේ.
අම අයදුම්පත් සලකා බැලූ වයඹ පළාත් බද මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා මෙම ප්රතිශෝධන අයදුම්පත් වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ගල්ගමුව වනජීවි අඩවි ආරක්ෂකවරයාට සහ නීතිපතිවරයාට දෙසැම්බර් මස 14 දින අධිකරණය භමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතිසි නිකුත් කලේය.
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ බව කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර නිපුණතා සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරු නීතිඥ උදය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නීතිඥ සංජීව විජේපාල මහතා මගින් කුරුණෑගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති මෙම ප්රතිශෝධන අයදුම්පත් වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගල්ගමුව වනජීවි පාලක ඒකකයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක සමන් ලියනගම මහතා සහ නීතිපතිවරයායි.
ඒ අනුව මේ සමිබන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතීඥවරුන් වන සංජීව විජේපාල සහ උදය රාජපක්ෂ යන මහත්වරුන් පැවසුවේ කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ බවට කිසිදු සාක්ෂියක් නොමැතිව ගල්ගමුව වනජීවි අඩවි ආරක්ෂකවරයා ව සිය සේවාදායකයන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇති බවයි.
කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව වෙඩි තැබිමක් හෝ වෙඩි වැදීමක් නොවන බවට කාවන්තිස්ස හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්.ආර්.එමි.කේ.කේ. විජේසුන්දර මහතා ස්වකීය පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවූරු කර ඇති බවද අවධාරණය කල නීතිඥවරුන් තම සේවාදායකයින් සමග අත්අඩංගුවට ගත් ගිනි අවි වලින් කලකට පෙර වෙඩි උණ්ඩ පිටව ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇතත් කාවන්තිස්ස හස්තියාගේ ශරීරයේ තිබියදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී සොයා ගත් වෙඩි උණ්ඩ තම සේවාදායකයන් සමග අත් අඩංගුවට ගත් ගිනි අවි සමඟ සැසදෙන බවක් රස පරීක්ෂකවරයා තහවුරු කොට නැති බවද ප්‍රකාශ කළේය.
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
