දිවයිනේ ඕනෑම ප්රදේශයක කාබනික ආහාර සාම්පල් පරීක්ෂා කිරීම සදහා වූ අයි.එස්.ඕ. සහතිකය ලත් රසායනාගාරයක්, කන්තලේ ප්රදේශයේදී ස්ථාපිත කිරීමට නියමිතය.
නැගෙනහිර පළාත් සභාව සහ ශ්රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනය එක්ව මෙම රසායනාගාරය ඉදි කෙරෙන අතර ඒ සදහා වූ අවබෝධතා ගිවිසුම එම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්රධානත්වයෙන් අදාල ආයතන අතර මේ වනවිට අත්සන් කර තිබේ.
ගොඩනැගිලි යටිතල පහසුකම් සැලසීම, උපකරණ සහ යන්ත්රසූත්ර සැකසීම හා රසායනාගාර ක්රියාකාරීත්වයට අදාළ තාක්ෂණික සහාය ලබාදීම මෙම අවබෝධතා ගිවිසුම හරහා සිදුවන අතර රසායනාගාරය සඳහා අයි.එස්.ඕ. ප්රමිතීන් ලබා ගැනීම හා එහි ක්රියාකාරීත්වයට අදාළ මෙහෙයුම් මාර්ගෝපදේශ සංවර්ධනය කිරීමටද එමගින් ප්රතිපාදන සලසා ඇත.
