අද (22දා) මරදාන, එස්. මහින්දහිමි මාවතේ පවතින මහල් ගොඩනැගිල්ලකින් පහතට වැටුණු පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙම ගොඩනැගිල්ලේ කාන්තා නේවාසිකාගාරයක්ද ඇති අතර අයට අනවසරයේ ඇතුළුවීමට පැමිණි මෙම පුදුගලයා එහි ආරක්ෂක නිලධාරිනිය දැක පලා යාමට උත්සාහ කිරීමේදී මෙසේ ගොඩනැගිල්ලෙන් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුරුදු 30ක් වන එරාවුර් පදිංචි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.