කළු කොටියා මියයයි
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) දින උදෑසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
එම වතු යායේ එළවලු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගෙන තුවාල ලබා සිටි කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි අද (29) දින උදැසන මිය ගිය බවයි වනජිවි නිලධාරින් පවසන්නේ.
ශ්‍රි පාද රක්ෂිතයේ මෙවැනි කොටින් හය දෙනෙකු පමණ වාසය කරන බවත්, පැන්තරා පාදුස් වර්ගයේ මෙම කළුකොටියන් 1% පමණ වාසය කරන බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.
මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදි සිදු කිරිමට නියමිතය.

popular news
-
Chandra Friday, 29 May 2020 07:22 PM
මේ සතුන් මිය යන්නේ කාගේ හරි උවමනාවකටද? වන සත්ව නිලධාරින් අල්ලා ගත්ත හැම සතෙකුම මිය ගියා නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

