කළාවැවෙහි පවතින ජලකාන්දුව කඩිනමින් ප්‍රථිසංස්කරණය කරන බවත්, මෙම ජල කාන්දුව දීර්ඝ කාළයක පටන් සිදු වන කාන්දුවක් බවත්, ඉන් කළාවැවට හෝ පහළ ප්‍රදේශයට අවධානමක් නොමැති බවත් ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යවරයා හා කළාවැව කාර්යභාර ඉංජිනේරුවරයා පවසයි.
ලංකාවේ පිහිටි විශාලම ජලාශයන්ගෙන එකක් වන කළාවැවෙහි පිට වාන අසල වේල්ලෙහි ජල කාන්දුවක් සිදු වන බවට පසුගිය දින වල පරිසරවේදීන්, මහා සංඝරත්නය හා ප්‍රදේශවාසීන් විසින් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමත් සමඟ මේ පිළිබඳ සොයා බැලීමට ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් හා කාර්යභාර ඉංජිනේරු බෝවතැන්න බුද්ධික මහේෂ් නවරත්න මහතා ඇතුළු පිරිස මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
එහිදී අදහස් දැක්වූ ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා,
අද අපි ඇවිත් ඉන්නේ කලාවැවෙහි ජල කාන්දුවක් සිදු වනවා කියන ස්ථානයට, පහුගිය දවස් වල සමාජ මාධ්‍ය වල තිබුණා මේ කාන්දුව වීඩියෝ කරලා දාලා ලොකු භයක් ඇති කරලා තිබුණා කළාවැවේ වැව් බැම්ම ලීක් කඩාගෙන යන්න නියමිතයි, අවධානයෙන් ඉන්න බළධාරීන් මේකට මොකුත් කරන්නේ නැද්ද කියන මට්ටමේ ප්‍රවෘත්තියක් පළ කරලා තිබුණා, මේක වගකීමෙන් කරන්න ඔ්න වැඩක්, මේක භයානක ප්‍රවෘත්තියක්.
ඒ නිසා තමයි මේ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න අද අපි කළාවැව භාර ඉංජිනේරුතුමත් එක්ක ආවේ, මේ සම්බන්ධයෙන් උත්තරයක් දීලා යන්න.මහවැලියෙන් නඩත්තු කරන ප්‍රධාන ජලාශ 13 ක් තියෙනවා, ඒ වැව් බැමි, වේලී හැම එකක් සඳහාම ප්‍රධාන ඉංජිනේරුවෙක් ඇතුළු කණ්ඩායමක් ඉන්නවා, මේ ප්‍රධාන ජලාශ වල වේලී ආරක්ෂණ අංශයක් වෙනම මහවැලියේ තියෙනවා.එහි අධ්යක්ෂවරයෙක් ඉන්නවා, මේ ඉංජිනේරු කණ්ඩායම කියන්නේ දැනුම තියෙන අත්දැකීම තියෙන , තාක්ෂණය තියෙන ජේෂ්ඨතම ඉංජිනේරු කණ්ඩායමක්, ඔවුන් ඒ සඳහාම තමයි පත් කරලා තියෙන්නේ, ඒ නිසා තාක්ෂණික වශයෙන් කිසිදු භයක් නෑ, ඒ සඳහා අතිදක්ෂ කණ්ඩායමක් ඉන්නවා මේ අපේ ජාතික සම්පතක් වෙච්ච මේ වේලිටික බලාගන්න ඔවුන් තාක්ෂණික වශයෙන් හොඳ දැනුමක් තියෙනවා මේ සම්බන්ධයෙන්.
මේ සම්බන්ධව ගත්තාම අපි දන්නවා මේ කළාවැව ආසන්නයේ කට්ටිය දන්නවා මේ ලීක් එක කොච්චර කල්ද කියලා.මේක අවුරුදු 40 ක් විතර තියෙන එකක් කියලා කියන්නේ, ඒකෙදී කිසිදු අවධානමක් නෑ මේ බැම්ම කැඩීයාමේ හෝ බරපතල තත්වයකට පත් වීමේ කිසිදු අවධානමක් නෑ, නමුත් මේ වේලී ආරක්ෂණය සම්බන්ධයෙන් ඉන්න ඉංජිනේරු මහත්වරුන් මේ පිළිබඳව හැමදාම අවධානයෙන් සිටිනවා, මේ තත්වය වැඩි වෙනවාද කියලා බලන ඔවුන්ගේ තාක්ෂණික ක්‍රමවේදයක් තියෙනවා ඒ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ මේ පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරමින් පරික්ෂාවන්ට ලක් කරමින් තමයි තිබෙන්නේ, ඇත්තටම මේ දක්වා අපේ ඉංජිනේරු කණ්ඩායමේ ඉල්ලීම මත, ඔවුන්ගේ මෙහෙයවීම මත වෙනත් විද්වත් ඉංජිනේරු කණ්ඩායම් දෙකක් මේක පරික්ෂා කරලා තියෙනවා.
මොරටුව හා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු කණ්ඩායමක් පරික්ෂා කරලා තියෙනවා, ඔවුන්ගේ නිගමනය වෙලා තියෙන්නෙත් මේක අවධානමක් නෑ , නමුත් මේ කාන්දුව ප්‍රථිසංස්කරණය කරනවා නම් හොඳයි කියන එක ඒ නිසා අපි ඒ පිළිබඳ කටයුතු කරලා තියෙනවා මේක ප්‍රථිසංස්කරණය සම්බන්ධයෙන් ටෙන්ඩර් ප්‍රධානය කරන්න.
ටෙන්ඩර් එකෙන් පස්සේ මේකට ගැලපෙන කොන්ත්‍රාත්කරුවෙක් තෝරා ගෙන මේ කාන්දුව වැසීම සඳහා තාක්ෂණය දන්න කණ්ඩායමක් පත් කරන්න තියෙනවා.ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.ඒ සඳහා ඉන්ජිනේරුමය ඇස්තමේන්තුව රුපියල් මිලියන 45 යි, ඒකට අදාළ කොන්ත්රාත්තකරුවෙකු තෝරා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම තව සති කීපයකින් පල වෙයි.ඒ සඳහා අදාළ කටයුතු කෙරෙමින් තමයි පවතින්නේ, ඇත්තටම මේකේ අවධානමක් තියෙනවා නම් මේ වෙලාවේ තමයි අවධානමක් තියෙන්න ඔ්න, මේ වෙලාවේ කළාවැවේ වාන් දැමීමට අඩි 02 යි වතුර අඩු මේ වෙලාවේ කළාවැවේ ඉහළ ජල මට්ටමක් තියෙනවා.මේ වෙලාවේ තමයි අවධානමක් වෙනවා නම් වෙන්න තියෙන්නේ, ඒ නිසා මේ තමයි උපරිම කාන්දුව අපේ ඉංජිනේරු කණ්ඩායම මේ ගැන අවධානයෙන් ඉන්නවා මෙහි දැනට කිසිදු අවධානමක් නෑ, කැඩීයාමේ හෝ වෙනත් අවධානමක් නෑ, මේක ඉදිරියේදී යල කන්නයෙන් පස්සේ වතුර මට්ටම තව මාස කීපයකින් අඩු වුණාට පස්සේ ප්‍රථිසංස්කරණය කරන්න තමයි කටයුතු කරන්නේ.
ඇත්තටම මේ ප්‍රවෘත්තිය පළවීම පිටිපස්සේ අපිට ලොකු සැකයක් තියෙනවා ඒ කියන්නේ මේ කළාවැව අවට ජනතාව දන්නවා මේ ලීක් එක කොච්චර කල්ද කියලා.අවුරුදු 30 ක් 40 ක්, පහුගිය කාලයේ මේ කළාවැවත්, කළාවැවේ වතුරත් කළාවැව ආශ්රිත පද්ධතියත් දේශපාලන වුවමනාකම් මත තමයි පාවිච්චි වුණේ තාම ඒ දේශපාලන හයිය අත්හැර ගන්න බැරිව ඉන්නවා.
තාම කළාවැව ඒ කට්ටියට ඔ්න විදිහට පාවිච්චි කරන්නේ. දැන් ඒකට ඉඩකඩ නෑ, කළාවැවත්, වතුරත්, මේ ආශ්රිත පරිසර පද්ධතියත් ජාතික සම්පත් ඒවා තනි තනි පුද්ගලයින්ට වාණිජ වශයෙන් පාවිච්චි කරන්න අපි ඉඩ දෙන්නේ නෑ, ඒවාට උරණ වෙච්ච කණ්ඩායම් මේවාට පොඩ්ඩක් කිපිලා ඉන්නේ අපි හිතනවා එහෙම තැනකින් තමයි මේ නිවුස් එක එළියට ආවේ කියලා.ඔවුන් දන්නවා මේකේ ඇත්ත කථාව මොකක්ද කියලා.මේ වෙලාවේ වගකීම් විරහිතව මේ නිවුස් එක එළියට ආවේ කියලා අපි දන්නවා.ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් හොයලා බලන්නම්.තවදුරටත් දේශපාලනිකව මේ ජාතික සම්පත් තනි තනි පුද්ගලයින්ට තමන්ගේ වුවමනාවන් මත සල්ලි හොයා ගන්න වාණිජ වශයෙන් ඉඩ දෙන්නේ නෑ,
කළාවැවෙහි බෝට්ටු සේවාවක් තිබුණා ඒ බෝට්ටු සේවාව අපි නිළ වශයෙන් නීත්යාණූකූලවම නවත්තලා තියෙන්නේ, ඒකට ඉඩ දීලා නෑ, ඒක විදිමත්ව තමයි ආරම්භ කරනවා නම් ආරම්භ කරන්න ඔ්න, කළාවැවත් මේ පද්ධතියත් සංචාරක කර්මාන්තය සඳහා විවෘත කරන්න ඔ්න, නමුත් ඒ සඳහා විදිමත් ක්‍රමවේදයක් තියෙනවා.මහවැලි අධිකාරිය විදිහට අපි අධ්‍යනය කරමින් ඉන්නවා මහවැලි අධිකාරිය සතු ජලාශ, ජලාශ පද්ධතිය, ජලාශ ආශ්රිත පරිසර පද්ධතිය කොහොමද සංචාරක කර්මාන්තය සඳහා යොදා ගන්නේ කියලා.ඒක විදිමත් අධ්‍යනයකින් පස්සේ තමයි වැඩපිළිවෙලක් සහිතව කරන්න ඔ්න, එතකල් නවත්තලා තියෙන්නේ නමුත් තාමත් පැරණි දේශපාලන සම්බන්ධතා මත පැරණි ඔවුන්ගේ අයිතිය තියාගෙන කටයුතු කරන බවට අපිට දැන ගන්න ලැබුණා, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න අපි බලාපොරොත්තු වෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බෝවතැන්න කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා,
මේ දවස් වල සමාජ මාධ්‍ය මගින් මේ පිටුපසින් පේන ජල කාන්දුව සම්බන්ධයෙන් ප්‍රචාරයක් ගියා, මම ඊයේ (25) දිනයේත් ඇවිත් මේක නිරික්ෂණය කළා, නමුත් මෙම කාන්දුව අවුරුදු 40 ක් තිස්සේ තියෙන එකක් අපි විටින් විට මෙය නිරීක්ෂණය කළා වගේම අවස්ථා කීපයකදීම විද්වතුන් ඇවිත්, විශේෂඥ ඉංජිනේරුවරුන් ඇවිත් මේක පරික්ෂා කළා, හැබැයි ඒ හැම අවස්ථාවකම ඔවුන් කිව්වේ මේක දැඩි අවධානමක් නැති දෙයක්, මේකේ ඛාදනයක් සිද්ධ වෙන්නේ නෑ, මේකෙන් වේල්ලටවත්, ජලාශයේ ස්ථායිතාවයටවත් කිසිම බලපෑමක් වෙන්නේ නෑ, අපි තීරණය කරලා තිබුණේ වතුර අඩු වුණ කාළයක මේක ප්‍රථිසංස්කරණය කරන්න.දැනට ලෝක බැංකු ව්‍යාපෘතියක් මගින් සැලසුම් කරලා තියෙනවා යල කන්නය අවසානයේ මේක ප්‍රථිසංස්කරණය කරන්න.
ගල් පර දෙකක් අතරින් තමයි මේ කාන්දුව සිදු වෙන්නේ.මේකේ ලොකු අවධානමක් තිබිලාම නෑ, දැනටත් උපරිම ජල මට්ටමට වඩා අඩි 02 ක් අඩුවෙන් තියෙන්නේ මේ කාළයේ තමයි දීර්ඝ කාළයක් ඔය මට්ටමේ තිබුණේ ජල මට්ටම, තව අඩියක් දෙකක් යන කොට ජල කාන්දුව නැති වෙනවා සාමාන්‍යයෙන් ජලාශයේ ජල මට්ටම උස් පහත් වෙන කොට ඔය තියෙන ලීක් එකත් අඩු වැඩි වෙනවා.ලොකු අවධානමක් තිබිලා නෑ මෙතන, කෙසේ වෙතත් ප්‍රථිසංස්කරණය කරන්න සැලසුම් කරලා තියෙන්නේ.අපි මේක කොහොමත් යාවත්කාලීන කර ගන්න එපැයි.ඒ නිසා තියෙන අඩුපාඩු හදාගෙන යමු කියලා තමයි කථා කලේ.
මෙම ස්ථානය අධිආරක්ෂිත තැනක්, ඒ නිසා ඇතුල් වීම තහනම් කියලා බෝඩ් අපි සවි කරනවා ඒවා වටපිටාවේ ඉන්න මිනිස්සු ගලවලා අයින් කරනවා.අපි එන හැමවෙලාවේම මේ වටපිටාවේ කවුරු හරි ඉන්නවා.අපි මිට කලිනුත් නම් කළා මේ තැන් වලට එන්න එපා කියලා.අපේ ආරක්ෂක නිළධාරීනුත් පුදුම උත්සහයක් දරන්නේ මේ තැන් වලට එන එක නවත්වා ගන්න.මේ වේල්ල අසල කැනීම් කටයුත්තක් සිදු කරලා තිබුණා ඒක නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසියට භාර දිලා තියෙන්නේ එහි වාර්ථාවක් තවම අපිට ලැබිලා නෑ.
මේ ජල කාන්දුව සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගන්න එපා කියලා තමයි ඉල්ලන්නේ, කළාවැව පහළ නිම්නයේ ජනතාවගෙන්, මේක සාමාන්‍යය තත්වයක්, කළාවැවේ ජල මට්ටම අඩු මට්ටමකට ආවට පස්සේ තමයි ප්‍රථිසංස්කරණය ආරම්භ කරන්නේ ජලය අඩු කරලා මේ ප්‍රථිසංස්කරණය අපි කරන්නේ නෑ, කළාවැවෙන් හෙක්ටයාර 25 000 ක් විතර අස්වද්දනවා මහවැලි එච් කළාපයේ ජනතාව, අක්කර අඩි 83400 ක් මේ වන විට ජලය ගබඩා කර තිබෙනවා කළාවැවේ, කන්න අවසන් වූ පසු ජලය නිකුත් කිරීම අඩු කරනවා.ඒ කාළය තුළ ප්‍රථිසංස්කරණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ, බොහෝ විට අගෝස්තු තමයි අපි සැලසුම් කරන් ඉන්නේ, ඒ කාළයේ අඩු නොවුනොත් ලබන වසරේ මාර්තු අප්‍රේල් මාස වල මේක සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි ලබන සතියේම මේ සඳහා පුවත්පත් දැන්වීම දානවා.ටෙන්ඩර් කැඳවන්න.ටෙන්ඩර් පිරිනැමීම සිදු කරලා බලනවා කොයි කාළයේ මේක සිදු කරන්න හැකිද කියලා.ඒ අනුව කඩිනමින් සිදු කරනවා.


