කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ පහක මාළු වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන් හා සේවකයින් එකසිය පනස් දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ (22) දා සිදු කල බව, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය
මේ සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධ ව්‍යාපාරිකයන් හා සේවකයන් බව ද වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා වැඩිදුරටත් කීය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙ වෙළෙඳුන් ඉලක්ක කර ගනිමින් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලට අනුව ආසාදිතයින් 149 දෙනෙකු වාර්තාවීමත් සමඟ එම වෙළඳ සංකීර්ණය හා සම්බන්ධ ව්‍යාපාරිකයින් හා සේවකයින් මෙසේ පරීක්ෂකට ලක් කළ බව පැවසේ .
මේ අතර පිලියන්දලින් 40 දෙනෙකුද ,බොරලැස්ගමුවෙන් 30 ද, මහරගමින් 30 ද , කැස්බෑවෙන් 25 ක් ද , කහතුඩුවෙන් 25 ක් ලෙස 150 දෙනෙකු මෙසේ පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව ද වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා වැඩිදුරටත් පැවසිය .
යම් හෙයකින් පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයකු වාර්තා වුවහොත් ඔවුන් සේවය කළ අදාළ මාළු වෙළඳසැල මුද්‍රා තබා ආශ්‍රිතයින් නිරෝධනය කිරීමට පියවර ගන්නා බවද වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා වැඩිදුරටත් පැවසීය .
මත්තේගොඩ සාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න