අඩුපහසුකම් ජනාවාස වල ජීවත්වූ පවුල් වෙනුවෙන් ඉදිකරන ලද තට්ටු නිවාස සංකීර්ණ සඳහා ලංකා සතොස වෙළද සැල් ස්ථාපිත කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කරන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය පවසයි.
මේ අනුව කොළඹ නගරයේ හා ඒ අවට මහල් නිවාස සංකීර්ණ 20ක මෙසේ ලංකා සතොස වෙළද සැල් විවෘත කිරීමට නියමිතයි.
මට්ටක්කුලිය, හේනමුල්ල " මිහිජන සෙවණ " මහල් නිවාස සංකීර්ණ පරිශ්‍රයේ මෙම ලංකා සතොස අලෙවිසැල ඊයේ (17) විවෘත කෙරිණ.
නිවාස ඒකක 6,400කින් සමන්විත හේනමුල්ල මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන පවුල් සංඛ්‍යාවද 6,400ක් වේ. මෙහි විසිපන්දහසක් තිස්දහසක් අතර ජනකායක් ජීවත් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටින අවස්ථාවේදී මෙම හේනමුල්ල මහල් නිවාස සංකීර්ණය විවෘත කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව මේ ආකාරයේ අනෙකුත් මහල් නිවාස සංකීර්ණ සඳහාද ලංකා සතොස අලෙවිසැල් ළඟදීම විවෘත කරන බව මෙම අවස්ථාවට එක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට එක්වූ ලංකා සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා ප්‍රකාශ කළේ පාරිභෝගික ජනතාවට සහන මිලට කිසිදු හිඟයකින් තොරව උසස් ප්‍රමිතියකින් යුත් භාණ්ඩ ලංකා සතොස මගින් මිලදී ගත හැකි බවයි.