කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන්නේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම වෙනුවෙන් බවත්, මේ අනුව දොඹකර 05ක් මුලින් බදු ක්‍රමයට ලබාගැනීමට සහ පසුව දොඹකර පහක් හා උපකරණ මිලදී ගැනීමටත් මෙම පත්‍රිකාව ඉදිරිපත් කළ බවද ඔහු පවසා සිටියේය.
දොඹකර හා අනෙකුත් උපකරණ මිලදී ගැනීමට මුල් අදියරේදී තවත් ඩොලර් මිලියන අසූවක් පමණ වියදම් විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.
දොඹකර මිලදීගන්නා තෙක් තරගකාරී මිල ගණන් යටතේ දොඹකර 05 බදු ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 100%ක්ම වරාය අධිකාරීය යටතේ ක්‍රියාත්මක වන බවද හෙතෙම පවසා සිටියේය.