කොළඹ වරායේ අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් සඳහා පොලිමර් දාම ප්‍රතික්‍රියා පරික්ෂාව (PCR) ට ලක් කරනු ලැබීය.
කොළඹ වරාය යාත්‍රා අංගන පරිශ්‍රයේ දී පැවැති PCR පරික්ෂාව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාරීත්වය විසින් අඛණ්ඩව එහි සේවක මහත්ම මහත්මීන්ගේ සහ වරාය භාවිතා කරන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත් තවත් එක් පියවරකි.
කොළඹ වරායේ මෙහෙයෙුම් කටයුතු අඛණ්ඩව සිදු වන අතර, රට පුරා උද්ගත වී ඇති අධි වසංගත තත්ත්වයෙන් වරායේ මෙහෙයුම් හා ඊට අදාල සියළුම සේවාවන් සහ සම්බන්ධ වන සියළුම අයවළුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සඳහා සෑම පියවරක් ම ගෙන ඇත.