කොළඹ නගරයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය සියයට 60කින් පහළ ගොස් ඇතැයි කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
ඩෙංගු රෝග ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා මදුරු කීට උගුලක් එළිදැක්වීම වෙනුවෙන් අද (03දා) කොළඹ මහනගර සභා පරිශ්‍ර‘යේදී පැවැති උත්සවයක් අමතමින් නගරාධිපතිනිය මේ බව අවධාරණය කළාය.
ඩෙංග රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට කොළඹ මහනගර සභාව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අමතරව ජාත්‍යන්තර රොටරි සමාජයේද අනුග්‍රහය ඇතිව මෙම මදුරු කීට උගුල එළිදැක්විණි.
ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපති බැරී රසීන් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ රොටරි සමාජය විසින් මදුරු කීට උගුල් 1,000ක් වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට මුල් අදියරේදී එකඟතාව පළකර ඇති අතර, එය රුපියල් මිලියන 1.5ක දායකත්වයකි.
මෙම නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල අනුව, ඉදිරියේදී කොළඹ නගරයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට මෙවැනි මදුරු කීට උගුල් 10,000ක් වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට මෙහිදී ජාත්‍යන්තර රොටරි සමාජය එකඟතාව පළකර ඇති අතර, ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව පුරා මෙන්ම ගෝලීයවද ව්‍යාප්ත කිරීමට නියමිතය.