Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සිට පැමිණෙන පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ දී ලබාදීම අද (07) දිනයේ දී ද සිදුවෙමින් පැවතිණ.
මේ සඳහා බස්නාහිර පළාතේ ලියාපදිංචිය සහිත වාහන සිය ගණනක් පැමිණ තිබූ අතර විශාල පිරිසක් එන්නත් ලබාගැනීම සඳහා පෝළිමේ සිටියහ.
එන්නත් ලබාගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පොලිස් නිලධාරින් කිහිප දෙනකු ද පැමිණ සිටි අතර වැඩි පිරිසක් ව්‍යාපාරිකයෝ සහ වෛද්‍ය පවුල්වලට සම්බන්ධ ඥාතින් බව ඔවුන්ගේ කතා බහෙන් පැහැදිලි විය.
පැමිණ සිටි පිරිස අතරින් බොහෝ දෙනකු කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන විට පළමු එන්නත ලබාගෙන ඇති කාඩ්පත පෙන්වා ඇතුළුවන බවයි.
දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක දී පළාත් අතර මෙලෙස සුපිරි වාහන ගමන් කිරීම පිළිබඳ අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ එම පුද්ගලයන් පැමිණ ඇත්තේ මීට පෙර එන්නත් කරන ලද පත්‍රිකාව පෙන්වා දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා ගාල්ලට යන බව පවසමින් යැයි හබරාදුව පොලිස් ස්ථානයෙන් දැනුම් දුන් බවයි.
මෙම එන්නත් කිරීම සිදුකරන ලද්දේ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි මහතාගේ මෙහෙයවීමෙනි.
මේ සම්බන්ධව අප ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් විමසූ විට හෙතෙම මෙසේ පැවසීය,
“ගාල්ලට ලැබුණු එන්නත් වලින් අපි එන්නත් ලබාදුන්නේ දෙවැනි මාත්‍රාව දීමටත් ඉතුරු කරගෙන. ඒ නිසා අපිට තොග ඉතිරි වුණා. රටේ ඕනෑම තැනක ඉන්න පුද්ගලයකුට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත්තනම් දෙවැනි මාත්‍රාව ගැනීමේ හිමිකමක් තියෙනවා. අපිට ඒ අය පදිංචි කොතැනට ද මොන පළාතෙ ද මොනවද කරන්නේ කියලා අදාල නැහැ. අපිට කතා කරලා ආවොත් අපි ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත්තු අයට එන්නත ලබාදෙනවා. ඒක ඔවුන්ගේ හිමිකමක්. මේ එන්නත් අපි හොර පාරේ යැව්වේ නැහැ. සල්ලිවලට විකුණලා නෑ. ඊයේ අපි 1000කට විතර එන්නත් දුන්නා. අදත් මේ එන්නත් දෙනවා. අපි ළඟ ප්‍රමාණවත් තොග තිබෙනවා.”
කෙසේවුවද ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා නොගත් බොහෝ පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින අතර ඔවුන්ට එන්නත ලබාගත හැකිදැයි විමසීම් කිරීමේදී දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයෙන් පවසා ඇත්තේ එන්නත් විද අවසන් බවයි.
මෙම එන්නත් කිරීමේ වැඩසටහන පිළිබඳ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසූයේ මෙවැනි එන්නත් කිරීමක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිසේත්ම දැනුම්වත්ව නැති බවයි.
එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත් සියල්ල අවසන් වී ඇතිබව පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැන සිටි බවත් ගාල්ලේ එම එන්නතේ අතිරික්ත තොග ඉතිරිව තිබෙන බව කිසිසේත්ම නොදන්නා බවත් එම ප්‍රකාශකයා කීවේය.
සිරංගිකා ලොකුකරවිට
popular news
Demuni Uduwara Monday, 07 June 2021 10:59 PM
Was there none from South to Question this irregularity?
Reply : 0 3
මුණසිංහ Tuesday, 08 June 2021 05:42 AM
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉතා අසාධාරණ වැඩ කරන්නේ. කොළඹ ඇරුනම රෝගය භයානක ලෙසම තියෙන්නේ ගාල්ලේ. මේ අය ඒක වසන් කරනවා. ඔය කියනවට වඩා විශාල ප්‍රමාණයක් මැරිලා තියෙනවා. ඒවා හංගලා. ගෙවල්වල රෝගීන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා හොයන්නෙත් නැහැ. පීඑච්අයි මහත්වරුන් කියන ඒවා මේ අය ගණන් ගන්නේ නැහැ. එයාලත් අසරණයි.
Reply : 0 25
Demuni Uduwara Tuesday, 08 June 2021 05:42 AM
In vaccination too govt failed !
Reply : 4 5
නිමල් රාජපක්ෂ Tuesday, 08 June 2021 07:07 AM
නඩුත් හාමුදුරැවන්ගෙ. බඩුත් හාමුදුරැවන්ගෙ. හැන්ද අතේ තියෙන අය තම තමන්ට බෙදා ගන්නවා. ගම්වල අසරණ මිනිස්සුන්ට කාගෙ පිහිටද? හිතවතුන් පාක්ෂිතයන් විතරක් හිටියොත් ඇති කියලා හිතන මට්ටමට වැටීම මහා භයානක පෙරනිමිත්තක්. විශ්වාසය තැබිය හැක්කේ සොබා දහම ගැන පමණයි.
Reply : 2 18
DGEE Tuesday, 08 June 2021 10:04 AM
Durwala paripalanayak. Kisivek Danner netha.
Reply : 0 0
පද්මසිරි Friday, 11 June 2021 02:31 PM
Doctors ලා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ අයත් ඇවිල්ලා හිටියා නම් අපි නිහඬව ඉමු මොකද පැමිණිලි කළත් පරීක්ෂණ කරන්නෙත් එයාලම නේ ගාල්ල සෞඛ්‍යය නිලධාරීනුත් කියනවා නම් ඕන කෙනෙකුට දෙවෙනි එන්නත ලබා ගැනීමේ අයිතිය හැමෝටම තියනවා කියලා හැමෝම කියන ගොඩට ගාල්ලෙ මිනිස්සු අයිති නැද්ද කොළඹ මිනිස්සු තමන්ගේ අයිතිය උදුරාගෙන යනකල් ගාල්ලෙ ජනතා නායකයො කියන අය නිදාගෙන ද ඉන්නේ වැටත් නියරත් ගොයම කා නම් කාට පවසමි ඒ අමාරුව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd