ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පතමින් කොළඹ නගරය පුරා බොහෝ ස්ථාන වල විශාල වශයෙන් දැන්වීම් පුවරු හා පෝස්ටර් දැක ගැනීමට හැකිය. කෙසේ වෙතත් පසුගිය ජනපතිවරණ සමයේදී මේ ආකාරයෙන් විශාල ලෙස දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරිම සම්බන්ධයෙන් එවකට ජනපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රජපක්ෂ මහතාට විශාල විවේචනයක් එල්ල වන්නට විය.
අනෙක් අතින් පසුගිය ජනපතිවරණ සමයේදී එවකට පොදු අපේක්ෂකයා ලෙස කටයුතු කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන්වීම් හා පෝස්ටර් වෙනුවෙන් යන වියදම් නවත්වා එම වියදම් වකුගඩු රෝගීන් වෙනුවෙන් වූ අරමුදලකට බැර කරනු ලැබීය. මෙම දැන්වීම් මහින්ද - මෛත්‍රී හමුවට සුබ පතා ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රදර්ශනය කර ඇතත් එයින් අවසානයේදී ගැටලු ඇති වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්ය. අනෙක් අතින් පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රතිපත්තීමය වශයෙන් කටයුතු කරමින් තිබෙන ආකාරයක මෙම දැන්වීම් පුවරු හරහා සිදුවන්නේද පරිසර විනාශයකි.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
Champa Monday, 05 November 2018 02:17 PM
මහින්ද මෛත්‍රීගේ ගානටම වැටුන. දැන් දෙන්නගේ කිසි වෙනසක් නැහැ. ආප්ප විප්ලවය 1 සහ 2. ලැජ්ජයි. ලොකු ලොකු පෝස්ටර් වලින් පෙන්නන්නේ තමන් කරපු වැඩේ වැරදි බව වහ ගන්න ලොකු උත්සහයක් ගන්නවා කියන එක සහ කෘතිමව ජන මනස වෙනස් කරන්න අවශ්‍යතාවයක් ඇතිවෙලා තියෙනව කියන එක. රටම මේ දෙන්න එකට ඉන්න එක පිලිගන්නවා නම් මෙහෙම පෝස්ටර් දාන්න ඕනේ නැහැ. ජනතව පාරවල් පුරා වැඩබිම් පුරා කාර්යාල වල මේ වෙච්ච දේ ගැන තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඕනේ. කතා කරනවා ඇහෙන්නෙවත් නැහැ. මිනිස්සු එක්කෝ නිශ්ශබ්දව ඉන්නවා හෝ හෙමින් කතා කරනවා කියන්නේ වෙච්ච දේට අකමැතියි කියන එක. කෘතීම රැල්ලක් පිට්ටනි පුරා හැදුවට චන්දෙට එහෙම කෘතීම දේවල් කරන්න බැහැ. ඕනේ ඔට්ටුවක් දානවා මහින්ද මෛත්‍රී එක්ක චන්දෙ ඉල්ලුවොත් පරදිනවා. ඇස වහගෙන නිකම්ම රටම දිනා ගන්න පුළුවන් වෙලා තිබ්බ එක දැන් ලොකු සටනක් දෙන්න වෙනවා. ඔය seat ගානවත් හම්බ වෙන්නේ නැහැ.
Reply : 16 87
MARIKKAR Monday, 05 November 2018 02:40 PM
දේශපාලන වහල්ලුන් සහ ගණිකාවන් එක්වන මොහොත...
Reply : 8 7
Champa Tuesday, 06 November 2018 12:35 AM
මේ cut-outs හොඳයි මැරිලා ඉපදිච්ච මිනිස්සුන්ට නම්. මේවායේ පින්තූර වල ඉන්න කිසි කෙනෙක් මහින්ද පැරදුනු වෙලාවේ හිටියේ නැහැ. අර ලියල තියෙන "එදා අරලිය ගහ මැදුරෙන් මැදමුලනට ගියදා සිට යලි එනතුරා සටන අත් නොහල.." කියන පින්තූරේ ඉන්නේ මහින්ද එක්ක හිටපු මිනිස්සු නෙමෙයි මහින්දට පිටිපැස්සෙන් පිහියෙන් ඇන්න මෛත්‍රියි මහින්ද පරදුනහම දාල දුවපු බැසිලුයි!!!!! මිනිස්සුන්ට හිනා යන්න ඇති ඒක දැකල. එතන දාන්න තිබුනේ විමල්ගේ පින්තූරයක්.
Reply : 0 0
Kumar Tuesday, 06 November 2018 11:41 PM
වෙසක් පෝයටවත් මෙතරම් සැරසිලි තිබුනේ නැතිලු. සංචාරකයන් මේවා බලන්න තමා ලංකාවට එන්නෙ.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd