ශ්‍රී ලංකා පොලිසියේ නව මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීම සදහා මින්පෙර යෝජනා වී තිබූ මිරිහාන ප්‍රදේශය වෙනුවට අත්තිඩිය ප්‍රදේශයේ එය ඉදිකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.
පොලිස් මූලස්ථානය ස්ථාපිත කිරීමට යෝජිත අත්තිඩිය පරිශ්‍රය තුළ එක් එක් අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමටත්, ඒවා වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති ලෙසට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමටත් නියමිතය.
ශ්‍රී ලංකා පොලිසිය වෙත පවරාගැනීමේ කටයුතු සිදුකරමින් පවතින අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි අක්කර 2 රූඩ් 01 පර්චස් 20ක ඉඩමෙහි පොලිස් මූලස්ථාන සංකීර්ණයට අදාළ නවාතැන් පහසුකම් සැපයීමේ ගොඩනැගිලි ඉදිකිරීමටත් යෝජිතය.
නව මූලස්ථාන ව්‍යාපෘතියේ අධීක්ෂණ කටයුතු හා ඉදිරි තීරණ ගැනීම සදහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට ද යෝජනා කර තිබේ.