ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඔ නගරයේ පැල්පත්වාසින් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස ඒකක 50,000ක් ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් හෙට (05) දින පෙ.ව 10.00 ට මැද කොළඹින් ආරම්භ කිරිමට නියමිතය.
කොළඔ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, එදිරිසිංහ මාවත ස්ටේඩියම්ගම සිරිමුතු උයන අසල නිවාස 1000කින් සමන්විත මහල් නිවාස සංකිර්ණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් මෙම නිවාස 50,000 වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව ඇත.
මෙහි ඉදිකෙරන එක් නිවාසයක ප්‍රමාණය වර්ග අඩි 550කි. ආසියානු යටිතල පහසුකම් සහ සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදිකෙරෙන මෙම මහල් නිවාස සංකිර්ණය වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 5950කි. වසර 03ක් ඇතුළත මෙම මහල් නිවාස සංකිර්ණයේ ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරියේ පුර්ණ අධික්ෂණය යටතේ ඉදිකිරිම් සිදුකරනු ලබන්නේ ඇක්සස් ඉංජිනියරින් සමාගම විසිනි.
කොළඔ නගරයේ පැල්පත්වාසි පවුල් 60,000ක් වෙනුවෙන් මහල් නිවාස සංකිර්ණ ඉදිකිරිම් කටයුතු ආරම්භ කෙරුණේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරන අවස්ථාවේදීය.
එම කාලය තුළ නිවාස 12500ක් පමණ ඉදිකර අවසන් කෙරුණු අතර තවත් නිවාස 3000ක් ඉදිකරමින් පැවතුණි.
පසුගිය වසර කිහිපය තුළ එම ක්‍රියාවලිය අඩපණ වි තිබුණු අතර යළි කොළඔ පැල්පත්වාසි ජනතාව වෙනුවෙන් නව නිවාස 50,000ක් ඉදිකිරීමේ කටයුතු මැද කොළඔ, උතුරු කොළඔ, බොරුල්ල, දෙමටගොඩ, ඇතුළු ප්‍රදේශ කිහිපකම ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් සියලූ කටයුතු සුදානම් කොට ඇත.
නාගරික සංවර්ධන ජලසම්පාදන නිවාස පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම, නාගරික සංවර්ධ අධිකාරයේ සභාපති හර්ෂාන්ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රසාද් රණවීර මහත්වරුන්ගේ සහභාගීතවයෙන් නිවාස 1000කින් සමන්විත මහල් නිවාස සංකිර්ණයේ ඉදිකිරිම් කටයුතු හෙට (05) දින ආරම්භ කිරිමට නියමිතයි.