කොළඹ ප්‍රධාන පෙලේ තරු පන්ති හෝටල් දෙකක සේවකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම හෝටල් පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන සේවකයින් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් සඳහා ඇතුලත් කොට ඇති බව සඳහන්.
සිය පාරිභෝගිකයින්ගේ මෙන්ම සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් උසස් තත්ත්වයෙන් යුත් දැඩි සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් නිරන්තරයෙන්ම සෞඛ්‍ය අංශ උපදෙස් මත සිය සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බව එම හෝටල් දෙක සිය නිවේදනයන් මගින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.