කොළඹ නගරය වේගයෙන් වෙනස් වන බවත් එහි අවස්ථා ප්‍ර යෝජනට ගන්නා ලෙසත් එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන සඳහන් කරයි.
එංගලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේධ වෙළඳ තානාපතිවරයා වෙන රනිල් ජයවර්ධන මහතා සඳහන් කරන්නේ බ්‍රිතාන්‍ය ආයෝජකයන්ට ලංකාව තුළ වැඩි අවස්ථා ඇති බවයි.
“ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති ප්‍රධාන රටවල් 10 අතරින් එක්සත් රාජධානියද එක් රටක්. මූල්‍ය, ඖෂධ, තාක්ෂණික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වෙළඳාම පිළිබඳ අගමැතිගේ විශේෂ තානාපති ලෙස මගේ කාර්යය බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ගේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වැඩි කිරිමයි.
දේපළ පිළිබඳව ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මකයි. ඒ වගේම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හොඳ ව්‍යාපෘතියක්. හෝටල, ව්‍යාපාරික ස්ථාන, සිල්ලර වෙළඳ ස්ථාන එහි ස්ථාපිත කිරීමට නියමිතයි.
මෙහි පදනමට ඉංග්‍රීසි නීතිය යොදා ගැනීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. කොළඹ නගරයත්, එහි සිතියමත් වේගයෙන් වෙනස් වෙනවා. මේවා ශ්‍රී ලංකාව තුළ හොඳ අවස්ථා නිර්මාණය කර තිබෙනවා.”