දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට අයුතු ලෙස ඇතුල්වී නීතීවීරෝධී ජනරාශියක සාමාජිකයින් වශයෙන් කටයුතු කළ බව කියන කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු සැකකරුවන් දස දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාල් මහතා අද (18දා) වරෙන්තු නිකුත් කළේය.
එවකට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ පැමිණිල්ලකට අදාළ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඒ සඳහා පෙනී නොසිටීම නිසා මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
මෙම පැමිණිල්ලට අදාළ සිදුවීමේදී දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් පුද්ගලයකු මියගිය අතර එම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කොට සිටි ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග මහතාට එරෙහිව තවදුරටත් නීතී මඟින් කටයුතු නොකරන බවට නීතීපතිවරයා ලබාදුන් උපදෙස් වලට අනුව එම සිද්ධියෙන් ඔහු නිදහස් කෙරිණි.