කොළඹ ජාතික රෝහලට කඩිනමින් අධ්යක්ෂවරයෙක් පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
අද පුවත්පත මගින් කොළඹ ජාතික රෝහලට අධ්යක්ෂවරයෙක් නොමැති බව අද දිනයේදී වාර්තා කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රෝහලේ වැඩබලන අධ්යක්ෂවරයෙක් රාජකාරී කටයුතු කරන බවත් එම නිසා පරිපාලන කටයුතුවලට බාධාවක් එල්ල වී නොමැති බවත් ඔහු සඳහන් කරයි.