කැළණි ගඟ පහළ මිටියාවතේ වම් ඉවුර හා කොළඹ නගරය ආශ්රිත ගංවතුර පාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘති වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ කේ.ඩී.ඒ.එම්. නානායක්කාර මහතා විසින් මෙම ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර තිබෙයි. එහි කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, කඩුවෙල නගරාධිපති බුද්ධික තුෂාර ජයවිලාල්, කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධ්යක්ෂ ඩී.එම්.එල්.කේ. ද අල්විස් මහතා ඇතුථ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.